Citizen.lk
 

රාමායණය මූලික කරගනිමින් වන්දනා චාරිකාවක් ඇරඹීමේ සුදානමක්

රාමායණය මූලික කරගනිමින් වන්දනා චාරිකාවක් ඇරඹීමේ සුදානමක් | A Pilgrims' Excursion is a prelude to the Ramayana
Tue 17 July 2018 3:44 pm
469 views

රාමායණ කතා වස්තුව මුල්කරමින් ඉන්දීය දුම්රිය සේවය විසින් ‘ශ්‍රී රාමායන එක්ස්ප්‍රස්’ නමින් වන්දනා චාරිකාවක් නිර්මාණය කර තිබෙනවා.

මෙහි ඇති විශේෂත්වය වන්නේ එම චාරිකාව සඳහා රාමායණයේදී ශ්‍රී ලංකාව සම්බන්ධ ස්ථාන සඳහාද වන්දනාකරුවන් රැගෙන යාමට ඉන්දීය දුම්රිය සේවය කටයුතු කර තිබිමයි.

නොවැම්බර් 14 දා මෙම වන්දනා චාරිකාව මුලින්ම දියත් කිරීමට නියමිත අතර ඉන්දියාවේ නව දිල්ලි නුවරින් ගමන් ආරම්භ කිරීමට නියමිත මෙම වන්දනා චාරිකාව දින 16ක් පුරා ක්‍රියාත්මක වනවා.

නොවැම්බර් 14 දා පස්වරු 4.40ට ගමන් ආරම්භ කරන මෙම වන්දනා චාරිකාව නොවැම්බර් 29දා රාත්‍රී 12.00ට නිමා කිරීමට නියමිතය. මෙය දිල්ලිවලින් ගමන් ආරම්භ කරමින් අයෝද්‍යා, නන්ඩිග්‍රාම්, ජනක්පූර්, වාරණාසි, අහලාබාද්, චිත්‍රාකොට්, නාසික්, රාමේෂ්වරන් යන ස්ථානයන්ට ගමන් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ගත කරන කාලය දින හතරකට සීමාවන අතර, ඒ සඳහා ඉන්දිය රුපියල් 36970ක මුදලක් අයකරනු ලබයි.

එහි ගමන් මග වන්නේ චෙන්නයි - කොළඹ -නුවරඑළිය- නුවර - කොළඹ හා දිල්ලි යනුවෙනි. මෙහිදී වන්දනාකරුවන්ට අවශ්‍ය ආහාර ඇතුළු සියලුම පහසුකම් ලබාදීමට සංවිධායකයන් කටයුතු කර තිබෙනවා.

මෙහි ගාස්තු අය කිරීම අදියර දෙකක් යටතේ සිදුවන අතර දුම්රියෙන් ගමන් ගන්නා කාලය වෙනුවෙන් ඉන්දීය රුපියල් 15120ක් මුදලක් එක් අයෙකුගෙන් අය කිරීමට නියමිතයි.

ඉන්දීය මාධ්‍ය ඇසුරෙනි

Latest News

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News