Citizen.lk
 

පුටින් තමයි මෙතන ලොක්කා - අනෙක් නායකයින් වැස්සට තෙමෙද්දි පුටින් ඉසලාගෙන සිටි කුඩය ගැන කියන රස කතා - Photos

පුටින් තමයි මෙතන ලොක්කා - අනෙක් නායකයින් වැස්සට තෙමෙද්දි පුටින් ඉසලාගෙන සිටි කුඩය ගැන කියන රස කතා - Photos | Vladimir Putin has umbrella while other leaders Kolinda Grabar Kitarovic and Emmanuel Macron get soaked after win over Croatia
Mon 16 July 2018 1:10 pm
23,767 views

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය ප්‍රංශයට ජය ගෙන දෙමින් ඊයේ (15) අවසන් වීමෙන් අනතුරුව ත්‍යාග ප්‍රධානයේදී වර්ෂාව ඇඳ හැලුණු අතර මේ අවස්ථාවේ රුසියානු ජනපති පුටින් විසින් කුඩයක් ඉසලාගෙන සිටීම කාගෙත් අවධානයට යොමු වුණා.

ප්‍රංශ ජනාධිපතිවරයා මෙන්ම ක්‍රොඒෂියා ජනාධිපතිවරයාද මෙම අවස්ථාවේ එහි සිටියත් ඔවුන්ට කුඩයක් ඉසලීමට කිසිවෙකු එම අවස්ථාවේ නොසිටීමද විශේෂවත්වයක් වුණා.

මේ පිළිබඳව ට්විටර් සමාජ අඩවිය ඔස්සේ කතාබහක් ඇතිව තිබුණේ අනෙක් නායකයින් වැස්සේ තෙමෙන විට පුටින් කුඩයක් යට සිටියේ ඔහු අනෙක් නායකයින්ට වඩා ඉහළ තැනක සිටින බව ඒත්තු ගන්වමින් බවයි.

එමෙන්ම තවත් පිරිසක් පවසා සිටියේ පුටින් සියල්ලටම සූදානම්ව මෙම ස්ථානයට පැමිණ ඇති බවත් එයින් ගම්‍ය වන්නේ ඔහු සූදානම් ශරීරයෙන් සිටින නායකයෙක් බවයි ඔවුන් වැඩිදුරටත් පවසා සිටින්නේ. එක් අවස්ථාවකදී පුටින් ප්‍රංශ ක්‍රීඩාගාරය තුලට ගොස් ක්‍රීඩකයින්ට සුභපැතුම් එකතු කරන අවස්ථාවේ ඔහු දෙසට ජලය හා බියර් ඉසෙන අතර එයද වලක්වාලන්නට ආරක්ෂකයින් කටයුතු කරන අයුරු කාගෙත් අවධානයට යොමුව තිබුණා.

කෙසේ නමුත් ටික වේලාවකට පසු අනෙක් පිරිසටද කුඩ රැගෙන ඒමට ඔවුන්ගේ සහයකයින් කටයුතු කර තිබුණා.

පහතින් දැක්වෙන්නේ එලෙසින් ට්විටර් අඩවිය ඔස්සේ හුවමාරු වූ පෝස්ට් කිහිපයකුයි...

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News