Citizen.lk
 

එකවර පනස්දහසකට පහසුකම් සැපයිය හැකි දෙහිවල ඉදිවන සුපිරි බිච් පාක් එක මෙන්න

එකවර පනස්දහසකට පහසුකම් සැපයිය හැකි දෙහිවල ඉදිවන සුපිරි බිච් පාක් එක මෙන්න | This is the superb bat stand in Dehiwala that can accommodate up to 5,000 vehicles and vehicles at a time
Sun 15 July 2018 4:00 pm
805 views

කොල්ලුපිටිය සිට දෙහිවල දක්වා මුහුදු වෙරළ සංවර්ධනය කර වෙරළ උද්‍යානයක් ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන 300 කට (රුපියල් බිලියන 47 ක්) ආයෝජනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව මෙගාපොලිස් සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා පවසනවා.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය සඳහා හෙක්ටයාර 85 ක වෙරළ තීරයක් ගොඩකරීමට සැළසුම්කර ඇති අතර ව්‍යාපෘතිය ඇරඹීමට පෙර ශක්‍යකා වාර්තාව සකස් කිරීම සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයට මාස 6 ක කාලයක් ලබාදී තිබෙනවා.

එසේම පරිසර බලපෑම් තක්සේරු අධ්‍යයනයද ක්‍රියාත්මක වෙමින් පවතින බවයි සඳහන් වන්නේ.‍

රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වය (PPP) ලෙස මෙම සංවර්ධන කටයුතු කිරීමට ඇස්තමේන්තුගත කර ඇති අතර ආයෝජනයක් සඳහා ඩොලර් මිලියන 300 කට අධික මුදලක් වැය වනවා.

විනෝදාස්වාද ක්‍රියාකරකම් වලින් යුත් ලෝක‍යේ කීර්තිමත් වෙරළ තීරයක් ලෙස මෙම ප්‍රදේශය දහස් ගණන් නරඹන්නන් ආකර්ෂණය කරගැනීම බලාපොරොත්තුව බවයි ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.ඊ.සී.ජයකෝඩි මහතා ප්‍රකාශ කළේ.

50,000 ක් පමණ පිරිසකට එකවර පහසුකම් සැපයිය හැකි ආකාරයට නිර්මාණය කරන මෙම වෙරළ උද්‍යානය තුල වාහන 3,000 ක් පමණ ඇතුලත් කල හැකි බවයි සඳහන් වන්නේ.

එසේම වසර පුරාම ජල මට්ටම පාලනය කළ හැකි අතර මුහුදු වෙරළට පැමිණෙන අමුත්තන් සඳහා විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයක්ද ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇතිබව සඳහන්.

ශක්‍යතා අධ්‍යයන කටයුකු සම්පූර්ණ වූ වහාම ලබන වසරේ ජනවාරි මස වන විට කෘතිම වෙරළ සංවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර ලන්සු කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News