Citizen.lk
 

ඇපල් සමාගම චීනයේ හරිත බලශක්ති අරමුදලක් අරඹයි

ඇපල් සමාගම චීනයේ හරිත බලශක්ති අරමුදලක් අරඹයි | Apple launches green energy fund in China
Sat 14 July 2018 12:29 pm
1,159 views

තම සමාගම එක්සත් ජනපද ඩොලර් මිලියන 300ක හරිත බලශක්ති අරමුදලක් චීනයේදී ආරම්භ කරන බව ‘ඇපල්’සමාගම නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (13) සඳහන් කර සිටියා.

තම සමාගම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම සඳහා සැපයුම්කරුවන් සමඟ කටයුතු කරමින් සිටින බවත් මෙම ව්‍යාපෘති වලින් චීනයේ නිවාස මිලියනයකට බලශක්තිය සැපයීමට හැකි බවයි ඇපල් සමාගම පෙන්වා දෙන්නේ.

චීන රජය පරිසර දූෂණය අවම කිරීමට ප්‍රමුඛත්වයක් දී තිබෙන මෙවැනි අවස්ථාවක පරිසරයට එක්වන විෂවායු, අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කරන්නැයි ද චීන රජය එරට තුළ ක්‍රියාත්මක දේශීය හා විදේශීය කර්මාන්ත හා සමාගම්වලට අවධාරණය කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
එමෙන්ම ප්‍රධාන නගරවල ජල මාර්ග සහ දූෂිත පස පිරිසුදු කිරීමට ද චීන රජය පියවර රැසක් ගෙන තිබෙනවා.

ඇපල් සමාගම මෙලෙස චීනය තුළ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කරන්නේ ඇමෙරිකාව සහ චීනය අතර ආර්ථික යුද්ධයක් ඇති වී තිබෙන මොහොතකය.

ඇමෙරිකා එක්සත් ජනපද සමාගමක් වන ‘ඇපල්’ සමාගමේ බොහෝ නිෂ්පාදන නිෂ්පාදනය කෙරෙන්නේ චීනයේය. ඒවා ඇමෙරිකාව ද ඇතුළු ලොව පුරා රටවල බෙදා හැරීමේ කටයුතු සිදු කරනු ලබනවා.

චීනය තුළ ද ඔවුන්ගේම සමාගම්වලින් ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදනය කිරීම නිසා ඇපල් ස්මාර්ට් ජංගම දුරකතන සහ චීන ස්මාර්ට් ජංගම දුරකතන අතර දැඩි තරගකාරී බවක් මේ වන විට ඇති වී තිබෙනවා.

Latest News

( 9 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News