Citizen.lk
 

ට්‍රම්ප් ප්‍රථමවරට මහා බ්‍රිතාන්‍යයේ සංචාරයක - PHOTOS

ට්‍රම්ප් ප්‍රථමවරට මහා බ්‍රිතාන්‍යයේ සංචාරයක - PHOTOS | Trump will be the first to visit Great Britain
Fri 13 July 2018 10:55 am
159 views

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව, සිය ප්‍රථම බ්‍රිතාන්‍ය චාරිකාව අරඹමින් ඊයේ (12) ලන්ඩනයට පැමිණියා.

ඔහුට එරෙහිව ලන්ඩනයේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාකරුවන් දහසක් පමණ රැදී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ නමුත්, රතු පලස මතින් පිළිගැණුනු ඇමරිකානු ජනාධිපතිවරයා, වෙනුවෙන් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වනු ලැබුවා.

ජනාධිපති ට්‍රම්ප් අද (13) දිනයේ දෙවන එලිසබෙත් මහරැජින මුණ ගැසෙන අතර, සති අන්තයේ ස්කොට්ලන්තය බලා යාමට නියමිතයි.

ඇමරිකානු ජනාධිපතිවරයා, බ්‍රිතාන්‍ය පුවත්පතක් වෙත ප්‍රකාශ කර ඇත්තේ යුරෝපා සංගමයෙන් වෙන් වීම සදහා වන අගමැතිනි තෙරේසා මේ ගේ සැලැස්ම ක්‍රියාත්මක වුවහොත් ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය අතර, සබදතා ගොඩනැගීම දුෂ්කර වනු ඇති බවයි.

එසේ වුවහොත් බ්‍රිතාන්‍යය අත්හැර යුරෝපා සංගමය සමග සබදතා ගොඩනැගීමට සිදුවිය හැකි බව ඔහු කියා සිටියා.

එමෙන්ම, අගමැතිනි තෙරේසා මේ සමග මත භේදයක් හේතුවෙන් ඉවත් වූ විදේශ ලේකම් බෝරිස් ජොන්සන් බ්‍රිතාන්‍යයට සුදසු අග්‍රාමාත්‍යවරයෙකු වනු ඇතැයි ද ඔහු අනාවැකියක් පළ කර තිබෙනවා.

Latest News

( 6 views)

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News