Citizen.lk
 

තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර ගිවිසුම් 04කට අත්සන් තබයි - PHOTOS

තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර ගිවිසුම් 04කට අත්සන් තබයි - PHOTOS | Thailand and Sri Lanka sign four agreements
Fri 13 July 2018 9:49 am
154 views

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළද සහ තාක්‍ෂණික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිිරීම සදහා අවධානය යොමුවී තිබෙනවා. ශ්‍රී ලංකාවට පැමිණ සිටින තායිලන්ත අග‍්‍රාමාත්‍ය ප‍්‍රයත් චා ඕ චා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ (12) පස්වරුවේ පැවති සාකච්ඡවකදීද ඔවුන් ඒ පිළිබද අවධානය යොමු කළ බවයි වාර්තා වන්නේ.

කෘෂිකාර්මික, කාර්මික සහ ඇසුරුම්කරණ යන ක්ෂේත‍්‍රවලින් තායිලන්තය ලබාගෙන ඇති ප‍්‍රගතිය අගය කරන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී කියාසිටියේ.

එම ක්ෂේත‍්‍රවල ප‍්‍රවර්ධනය සදහා ශ්‍රී ලංකාවටද සහාය වන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක්ද කළා. දෙරටේ බෞද්ධ උරුමය ලොවපුරා ප‍්‍රචලිත කිරීම සදහා ඒකාබද්ධ සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද මෙහිදී සාකච්ඡා කර ඇති අතර දෙරට අතර අවබෝධතා ගිවිසුම් 4 ක් ද අත්සන් තැබීමට කටයුතු කර තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News