Citizen.lk
 

වදකයින් බඳවා ගන්න අවසර ඉල්ලයි

වදකයින් බඳවා ගන්න අවසර ඉල්ලයි | Request permission to recruit operators
Thu 12 July 2018 10:56 am
386 views

මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා අනුමත වදක තනතුරට දෙදෙනෙකු බඳවා ගැනීමට සිදුවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

එම බඳවා ගැනීමට අවසර ඉල්ලා අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශයට ලිඛිතව දැන් වූ බවයි මේ වන විට වාර්තා වන්නේ.

මරණ දඬුවම වැලිකඩ බන්ධනාගාරයේ ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇති අතර මීට පෙර මරණ දඬුවම ක්‍රියාත්මක වූයේ බෝගම්බර බන්ධනාගාරයේ සහ වැලිකඩ බන්ධනාගාරයේ පමණි.

එහෙත් බෝගම්බර බන්ධනාගාරය පල්ලේකැලේ ස්ථාපිත කිරීම හේතුවෙන් එහි මෙම දඬුවම ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරය සඳහා මීට පෙර අවස්ථා කිහිපයකදී වදකයින් බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වුණා. ඉන් එක් සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වුණේ මීට වසර 03කට පෙරයි. මෙවැනි සම්මුඛ පරීක්ෂණවලින් තෝරා ගන්නා වදකයින් කෙටි කලකින් එම ධුරය හැරයන බවයි වාර්තා වන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News