Citizen.lk
 

දෙදින නිල සංචාරයක් සදහා තායි අගමැති අද දිවයිනට

දෙදින නිල සංචාරයක් සදහා තායි අගමැති අද දිවයිනට | The Thai Premier will arrive in the island on a two-day state visit
Thu 12 July 2018 10:35 am
105 views

තායිලන්තයේ අග්‍රාමාත්‍ය ජනරාල් Prayut Chan-o-cha මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (12දා) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

බැංකොක්හි සිට විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණෙන තායි අග්‍රාමත්‍යවරයා, අද පස්වරු 5ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී පිළිගැනීමෙන් අනතුරුව කොළඹ බලා පෙරහැරකින් කැඳවාගෙන යෑමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.‍

තායි අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පැවැත්වෙනෙ නිල පිළිගැනිමේ උත්සවය කොටුව ජනාධිපති කාර්යාලයේ දි අද පස්වරු 6ට සංවිධානය කොට ඇති අතර එහිදී හමුදා ආචාර පෙළපාළියක් සහ ආචාර වෙඩි මුර 19ක් පිරිනැමීමට නියමිතයි.

අනතුරුව ජනරාල් ප්‍රායුම් චාන් ඕ චා මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර ද්විපාර්ශවික සකච්ඡාවක් ද ජනාධිපති කාර්යාලයේ දි පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව තායිලන්තය සහ ශ්‍රි ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට නියමිත බවද වාර්තා වනවා.

හෙට (13) පෙරවරුවේ තායි අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග ද සාකච්ඡා කරනු ඇති.

අනතුරුව මහනුවර බලා යන තායි අග්‍රාමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස ජේරාදෙණිය උද්භිද උද්‍යානය,ගන්නෝරුව කාෂිකර්ම ආයතනය නැරඹීමට ද යන අතර ඉන් පසු මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක ශ්‍රි දළඳා මාළිගාවට ගොස් දන්ත ධාතූන් වහන්සේලා වැඳ පුදා ගැනීමටද නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News