Citizen.lk
 

අහම්බෙන් පොලීසියට ආව හිමිනම පොලිස් අත්අඩංගුවවේ සිටි මෞලවිවරයකුවෙකුට ඇප ලබා දුන් අපූරු සිදුවීම

අහම්බෙන් පොලීසියට ආව හිමිනම පොලිස් අත්අඩංගුවවේ සිටි මෞලවිවරයකුවෙකුට  ඇප ලබා දුන් අපූරු සිදුවීම  | tathtankudiya grade story
Thu 12 July 2018 9:18 am
537 views

ඉස්ලාමීය ආගමික විද්වතකු වන මෞලවිවරයකුව බෞද්ධාගමික නායක ස්වාමීන් වහන්සේ නමක් විසින් ඇප දී මුදාගනු ලැබූ පුවතක් ඊයේ කාන්තාන්කුඩි ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් කර්බලා ග්‍රාමයේ සිදුවූ ගැටුමකදී එම ප්‍රදේශයේ මෞලවිවරයකු වන ඒ.ජේ.එම්. සහ්ලාන් යන අය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන විභාග කිරීම් සඳහා පොලිසිය භාරයේ රඳවාගෙන ඇත.

කාත්තාන්කුඩි පොලිස් ස්ථානයට අහම්බෙන් වෙන කටයුත්තකට පැමිණි කල්මුණේ සුභද්‍රාරාම මහ විහාරාධිපති රන්මුතුගල සංඝරතන හිමිපාණන් අත්අඩංගුවට පත්ව සිටි මෞලවිතුමාව දැක ඇප මත ඔහු මුදාහරින ලෙස ස්ථානාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව හිමිනමගේ ඇපවීම මත මුදාහළ බව කාත්තාන්කුඩි පොලිස් ස්ථානාධිපති කස්තුරි ආරච්චි මහතා පැවැසීය.

මෞලවිතුමා සම්බන්ධ නඩුව අධිකරණයට ඉදිරිපත් කිරීම වෙනුවට සමථ මණ්ඩලයට මාරුකරන ලෙස හිමිනම කළ ඉල්ලීම මත වෙනස් කර ඇත.
ආගමික නායකයන්ට මෙසේ අගෞරව කිරීම අනුමත කළ නොහැකි බව මෞලවිතුමාට ඇප ලබා දුන් හිමිනම පැවැසීය.

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News