Citizen.lk
 

මත්තල ගුවන්තොටුපළේ ගමන් මලු පරික්ෂා කළ ස්කෑන් යන්ත්‍ර ඉවත් කරයි

මත්තල ගුවන්තොටුපළේ ගමන් මලු පරික්ෂා කළ ස්කෑන් යන්ත්‍ර ඉවත් කරයි |  Baggage scanning machines at the Mattala Airport are removed
Wed 11 July 2018 1:57 pm
187 views

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තයට ඇතුළුවන ප්‍රධාන පිවිසුමේ මගීන්ගේ ගමන්මලු පරීක්ෂා කිරීම සඳහා ස්ථාපිත කර තිබූ එකම ගමන්මලු ස්කෑනර් යන්ත්‍රය අද (11) ඉන් ඉවත්කර කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන යෑමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

මත්තල ගුවන්තොටුපළ ආරම්භයේදී මෙවැනි ස්කෑනර් යන්ත්‍ර 06ක් ගුවන්තොටුපළ පරිශ්‍රයේ ස්ථාන කිහිපයක ස්ථාපිත කර තිබූ අතර විටින් විට එම ස්කෑනර් යන්ත්‍ර 6 අතරින් ස්කැනර් යන්ත්‍ර 3ක් මීට පෙර ඉවත් කරගෙන ගිය බවයි ගුවන්තොටුපළ සේවකයෝ පවසන්නේ.‍

මෙලෙස මගී පර්යන්තයට ඇතුළු වන ස්ථානයේ තිබූ ස්කෑනර් යන්ත්‍ර ඉවත් කිරීම ගුවන් තොටුපොළ ආරක්ෂාවට තර්ජනයක් ඇති විය හැකි බව එම ගුවන්තොටුපළේ සේවකයෝ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News