Citizen.lk
 

සිංහරාජයේ අලීන් දෙදෙනාට අලුත් තැනක් හදන්න තීරණයක්

සිංහරාජයේ අලීන් දෙදෙනාට අලුත් තැනක් හදන්න තීරණයක් | Sinharaja Elephants move to new place
Wed 11 July 2018 1:04 pm
47 views

පසුගිය මාසය පුරා කතාබහට ලක්වූ ලෝක උරුම සිංහරාජ රක්ෂිතයේ දැනට ඉතිරි වී සිටින අලි දෙදෙනා රැඳවීම සඳහා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කොට ඇති බවට වාර්තා වෙනවා.

ඒ අනුව මෙම සතුන් දෙදෙනට ගැලපෙන පාරිසරික තත්ත්වයන් සහිත කලවාන දොලේකන්ද ග්‍රාමනිලධාරි වසමේ පාරුගල ප්‍රදේශයේ භූමියක් තෝරගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ පිළිබඳව තිරසර සංවර්ධන, වනජීවි සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලැබී තිබෙනවා.

හෙක්ටයාර 36ක පමණ භූමි ප්‍රදේශයක් ඒ අනුව මෙම අලීන් දෙදෙනා වෙනුවෙන් පවරා ගැනීමට නියමිත අතර පසුව සතුන් දෙදෙනා එහි රඳවා තැබීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Latest News

( 6 views)

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News