Citizen.lk
 

රංගන හේරත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමේ සුදානමක්?

රංගන හේරත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමේ සුදානමක්? |  Rangana Herath retire to international cricket?
Wed 11 July 2018 1:00 pm
125 views

එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය තමාගේ අවසන් ජාත්‍යන්තර තරගාවලිය වනු ඇති බව රංගන හේරත් පවසනවා.

බී.බී.සී. සිංහල පුවත් සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා ඇත්තේ,

“ඕනෑම ක්‍රිඩකයෙකුට ක්‍රීඩාව නවත්වන්න කාලයක් එනවා. මමත් හිතනවා මමත් ඒ වගේ තීරණයකට එන්න ඕන කාලයට තමයි ඇවිත් තියෙන්නේ.

දකුණු අප්‍රිකානු තරගාවලිය අවසන් වුණාට පස්සේ මම කණ්ඩායමේ නායකයා, පුහුණුකරු ඒ වගේම තේරීම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ක සාකච්ඡා කරලා අනිවාර්යයෙන් තීරණයක් ගන්නවා.

සමහර විට මගේ අවසන් තරගාවලිය ඉදිරියේ පැමිණෙන එංගලන්ත තරගාවලිය වෙන්න පුළුවන්. ඒකටත් දකුණු අප්‍රිකානු තරගාවලියෙන් පස්සේ මාස තුනක කාලයක් තියෙනවා.”

දකුණු අප්‍රිකානු තරගාවලියට සූදානම් බවත් සිය අතේ ඇතිවූ ආබාධය සුවවී ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කාලයක් ක්‍රිඩා කළ ටෙස්ට් ක්‍රීඩකයා වන්නේද රංගන හේරත්ය.

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News