Citizen.lk
 

විගමණික සේවක මුදල් බදු හා ගාස්තු වලින් නිදහස් කිරීමට ජනපතිගෙන් උපදෙස්

විගමණික සේවක මුදල් බදු හා ගාස්තු වලින් නිදහස් කිරීමට ජනපතිගෙන් උපදෙස් | foreign workers free on tax
Wed 11 July 2018 12:34 pm
149 views

විදේශ රටවල සිට ලංකාවට මුදල් එවීමේදී බදු හෝ ගාස්තු වශයෙන් කිසිදු අයකිරීමකින් තොරව එම මුදල් සම්ප්‍රේෂණය කිරීමේ අවස්ථාව සැලසීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබෙනවා.

ජාතික ආර්ථික සභාව ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී මේ තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අපනයන ප‍්‍රවර්ධනය කිරීම සහ ආනයන කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් බදු ප‍්‍රතිපත්තියේ සිදුකළ යුතු සංශෝධන පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

අපනයන ප‍්‍රවර්ධනය සඳහා වැඩි සහන ලබාදීම හා දිරිගන්වන බදු ප‍්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News