Citizen.lk
 

කොළඹට හැමු තද සුළගකින් නිවාස 153කට හානි

කොළඹට හැමු තද සුළගකින් නිවාස 153කට හානි | gusty wind colombo
Wed 11 July 2018 11:45 am
258 views

අද (11) උදෑසන හමා ගිය තද සුළං තත්වය හේතුවෙන්‌‌ කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස 153 කට හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ, මෙම සුළං තත්ත්වයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර 8ක නිවාස හානිවීම් වාර්තා වු බවයි.

ඒ අනුව දෙහිවල නිවාස 15ක්, හෝමාගම නිවාස 75 ක්, මහරගම නිවාස 15 ක්, පිළියන්දල නිවාස 5 ක්, කැස්බෑවේ නිවාස 15 ක්, රත්මලානේ නිවාස 20 ක්, මෝරටුවේ නිවාස 7 ක්, කඩුවෙල් එක් නිවාසයකට අර්ධ හානි සිදුව තිබෙනවා.

ඒ අනුව අර්ධ හානි සිදුවු මුළු නිවාස ගණන 153ක් වන අතර, මේ වන විට එම හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි ලබා දීමට තක්සේරු කිරීම සඳහා මේ වන විටත් ආරම්භ කර ඇති අතර ඒ සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු විශේෂ කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බවද කොඩිප්පිලි මහතා වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් දිවයිනේ සෙසු පළාත්වලින් තද සුළං වාර්තා වී නොමැති අතර, අද දිනය තුළ ජනතාවට කල්පනාකාරීව සිටින ලෙස අපදා කළමණාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News