Citizen.lk
 

දිවයින හරහා අදත් විටින් විට ප්‍රහාරත්මක සුළං ඇති විය හැකියි - කාළගුණයෙන් නිවේදනයක්

දිවයින හරහා අදත් විටින් විට ප්‍රහාරත්මක සුළං ඇති විය හැකියි -  කාළගුණයෙන් නිවේදනයක්  | Gusty winds attention
Wed 11 July 2018 6:29 am
190 views

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන අතර උතුරු මැද පළාතේ සිහින් වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් විය.

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවකවලත් සමහර ස්ථාන වලට මි.මී.75 ක පමණ තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බවද පැවසේ.
දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා ප්‍රහාරත්මක සුළං (Gusty winds) බලාපොරෝත්තු විය හැකි බව එම නිවේදනයේ සඳහන් විය.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්කවවා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති විය හැකි අතර දිවයින වටා වන මුහුදු සුළං නිරිත දිශාවෙන් හමන බවත් සුළඟේ වේගය පැ.කි.මී. 30-40 ක් පමන වන බව සඳහන් විය.

පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තතොට සිට පොතුවිල් හරහා කල්මුනේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 60-65 දක්වා වැඩි විය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකිය.

සේසු මුහුදු ප්‍රදේශවල ද සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 දක්වා වැඩි විය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් ධීවර සහ නාවුක ප්‍රජාව ඒ පිළිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසද එම නිවේදනයේ සඳහන් විය.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News