Citizen.lk
 

තායිලන්ත ලෙනේ සිරවූ 13 දෙනාගෙන් 8ක් බේරාගනී - ඉතිරි 5 බේරාගන්න 3වන දිනට අදත් මෙහෙයුම්

තායිලන්ත ලෙනේ සිරවූ 13 දෙනාගෙන් 8ක් බේරාගනී - ඉතිරි 5 බේරාගන්න 3වන දිනට අදත් මෙහෙයුම් | Divers ready to save remaining five Thais
Tue 10 July 2018 8:35 am
4,763 views

තායිලන්තයේ ලෙනක සිරවී සිටි දරුවන් 12 දෙනාගෙන් 8 දෙනෙකු මේ වන විට ඉන් ඉවතට ගැනීමට කිමිදුම්කරුවන් ප්‍රමුඛ ගලවාගැනීමේ කණ්ඩායම් සමත් වී තිබෙනවා.

ඒ අනුව ගුහාවේ තවත් ඉතිරි වී ඇත්තේ දරුවන් 4 දෙනෙකු හා ඔවුන්ගේ පාපන්දු කණ්ඩායමේ පුහුණුකරුවා පමණයි. ඔවුන්ද හැකි ඉක්මණින් බේරා ගැනීමට කටයුතු කරන බවයි සහන කණ්ඩායම් පවසා ඇත්තේ.

මේ අතර ලෙනෙන් පිටතට ගත් දරුවන් මේ වන විට රෝහල් ගතකර සිටිනවා. කෙසේ නමුත් තවමත් ඔවුන්ව බැලීමට දෙමාපියන්ද අවස්ථාව ලබා දී නැති අතර එයට හේතු වී ඇත්තේ සති 2ක් පමණ ලෙනේ සිටීම නිසා දරුවන්ට යම් ආසාදනයක් ඇති වී ඇද්දැයි තවමත් වෛද්‍යවරුන් පරීක්ෂා කරන නිසාවෙන්.

විවිධ රටවල්වල අති දක්ෂ පිහිණුම්කරුවන් මෙම ගලවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වී ඇති අතර අද සවස්වන විට සියළු දෙනා ලෙනෙන් පිටතට ගැනීමට හැකිවනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි. වර්ෂාව අධික කාළගුණයක් අවට පැවතීම හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලට විටෙන් විට බාධා ඇතිව තිබෙන්නේ ලෙන තුල ඇති ජල මට්ටම් විවිධ අවස්ථාවන් වලදී ඉහළ යාම හේතුවෙනුයි.

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News