Citizen.lk
 

වැස්ස අත ලඟ - ලෙනේ සිරවුණු ඉතිරි දරුවන් 8 දෙනා බේරාගන්න අදත් මෙහෙයුම්

වැස්ස අත ලඟ - ලෙනේ සිරවුණු ඉතිරි දරුවන් 8 දෙනා බේරාගන්න අදත් මෙහෙයුම් | Four Thai boys who made it out of cave in daring rescue are identified as their eight teammates and coach spend another night underground
Mon 09 July 2018 12:10 pm
4,566 views

තායිලන්තයේ Tham Luang ගල් ගුහාවේ සිරවී සිටින ළමුන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ගලවා ගැනීමේ මෙහෙයුම් ඊයේ (8) දිනට නතර කෙරුණා. ඒ අනුව සිරවී සිටි දරුවන් 12 දෙනාගෙන් 4 දෙනෙකු බේරාගැනීමට කිමිඳුම්කරුවන් සමත් වී තිබෙනවා.

මේ වන විට ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා විශේෂ දැනුම ඇති ජාත්‍යන්තර කිමිදුම්කරුවන් 13 දෙනෙක් සහ ඔවුන්ගේ සහයට තායිලන්ත නාවික හමුදාවේ සීල් බලකායේ කිමිදුම්කරුවන් 5 දෙනෙකු ඉදිරිපත් වී තිබෙනවා.

ඉදිරියේදී වැසි සහිත කාලගුණයක් ඇති වීමට ඉඩ තිබෙන නිසාවෙන් හැකි ඉක්මණින් මොවුන් බේරාගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් යුහසුලුව ක්‍රියා කරමින් තිබෙනවා.

එමෙන්ම තවත් කිමිදුම්කරුවන් 75 දෙනෙක් උමග තුල සේවයේ යෙදී සිටින අතර මෙම මෙහෙයුම සඳහා යොදවා සිටි මුළු කිමිදුම්කරුවන් සංඛ්‍යාව 90 ක්. ඉන් 50 දෙනෙක් විදෙස් රටවලින් පැමිණ සිටි අයවලුන් වන අතර 40 දෙනෙක් තායිලන්ත ජාතිකයින්.

මේ වන විට අද (9) දිනයේදී දරුවන් බේරාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර අද සවස් වන විට ඔවුන් ඉවතට ගැනීමට හැකිවෙනු ඇතැයි එහි නිලධාරීන් විශ්වාසය පළකර සිටිනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News