Citizen.lk
 

පන්සලේ ශබ්ද විකාශන වලට උරණ වී කඩුවක් අරන් ඇවිත් විහාරාධිපති හිමියන්ට තර්ජනය කළ තරුණායාට වැඩ වරදී

පන්සලේ  ශබ්ද විකාශන වලට උරණ වී කඩුවක් අරන් ඇවිත් විහාරාධිපති හිමියන්ට තර්ජනය කළ  තරුණායාට වැඩ වරදී | paduukka moragha tenna speaker sound  problem
Mon 09 July 2018 7:35 am
1,109 views

කඩුවක් අතැතිව පාදුක්ක මොරගහතැන්න ශ්‍රී මහා විහාරස්ථානයට පැමිණ විහාරාධිපති බෙරන්නාවේ විමල හිමියන්ට තර්ජනය කළ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.

පොසොන් පොහොය නිමිත්තෙන් එම විහාරස්ථානයේ ඊයේ (08දා) දින දක්වා ප්‍රදර්ශනය කරන ලද පොසොන් පහන් කූඩුවේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් යොදා ගෙන තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර නිසා තමන්ට අපහසුවක් වන බව පවසමින් සැකකරු විහාරාධිපති හිමියන්ට මෙලෙස තර්ජනය කර ඇති බවද පොලිසිය පවසයි.

සවිකර තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර සහිතව සවිකර ඇති බැවින් ගැටලුවක් වේ නම් පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙස එම අවස්ථාවේදී විහාරාධිපති හිමියන් සැකකරුට පවසා ඇති බවත් එහෙත් සැකකරු අතැති කඩුවෙන් විහාරාධිපති හිමියන්ට පහරදීමට උත්සාහ කරන ආකාරය විහාරස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල සටහන්ව ඇති බවත් පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාදුක්ක සේනානායක පෙදෙසේ පදිංචි 21 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. සැකකරු අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. ඒ. ගුණරත්න මහතා පරීක්ෂණ පවත්වයි

 

Latest News

( 6 views)

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News