Citizen.lk
 

තායිලන්තයේ ලෙන තුළ සිරවී සිටින දරුවන් බේරාගැනීමේ මෙහෙයුමේදී ඔක්සිජන් අවසන් වීම නිසා කිමිදුම්කරුවෙකු මියයයි

තායිලන්තයේ ලෙන තුළ සිරවී සිටින දරුවන් බේරාගැනීමේ මෙහෙයුමේදී ඔක්සිජන් අවසන් වීම නිසා කිමිදුම්කරුවෙකු මියයයි | Thailand cave rescue Diver dies while taking in supplies
Fri 06 July 2018 10:28 am
626 views

විදෙස් මාධ්‍යවල පවා අවධානයට යොමුව ඇති තායිලන්තයේ ලෙනක සිරවී සිටින පිරිමි ළමුන් දොළොස් දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු බේරා ගැනීමේ මෙහෙයුමේදී ඒ සඳහා එක්ව සිටි එරට නාවික හමුදා 'සීල්' බලකායේ හිටපු කිමිදුම්කරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දරුවන් බේරා ගැනීම සඳහා අවශ්‍ය සැපයුම් ගෙන ගොස් ලෙන් සංකීර්ණයෙන් ආපසු එමින් සිටියදී ඔහුට මුලින්ම සිහිය නැති වී බිම ඇද වැටී තිබෙනවා.

ඔහුගේ කාර්ය වුනේ ලෙන තුළට ඔක්සිජන් සැපයීම වන අතර එලෙසින් ඔක්සිජන් ලබාදී ආපසු ඒමේදී ඔහුට ප්‍රමාණවත් ඔක්සිජන් නොතිබීම හේතුවෙන් මෙලෙසින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.

නාවික හමුදාව හැර ගොස් සිටි කිමිදුම්කරු ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා පැමිණ සිටි අයෙක් වන අතර ඔහු ස්වේච්ඡාවෙන් මේ සඳහා සහය දීමට පැමිණ තිබුණා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News