Citizen.lk
 

රෝයල් පාටියෙන් හැමෝම දැනගත් චන්දිමාල්ගෙන් තවත් රෝයල් වැඩක් - රුවැති යුවතියට මිලියන 30ක් වටිනා කිරුළක්

රෝයල් පාටියෙන් හැමෝම දැනගත් චන්දිමාල්ගෙන් තවත් රෝයල් වැඩක් - රුවැති යුවතියට මිලියන 30ක් වටිනා කිරුළක් | Mrs World Sri Lanka 2018 Chandimal Jayasinghe
Thu 05 July 2018 2:09 pm
5,258 views

පසුගියදා තමන්ගේ උපන්දිනය රාජකීය අයුරින් සැමරූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ තවත් දැවැන්ත කර්තව්‍යයක් ආරම්භ කර තිබෙනවා. ඒ 2018 ලෝක විවාහක රූ රැජින තරඟය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන රූමතිය තේරීම සඳහායි.

රෝසි සේනානායක මහත්මිය විසින් මෙම ලෝක විවාහක රූ රැජින තේරීමේ අයිතිය ලංකාව වෙනුවෙන් චන්දිමාල් ජයසිංහ වෙත පිරිනමනු ලැබුවේ පසුගියදා ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ත්‍යාගයක් පිරිනමමින්.

ඒ අනුව මෙම තරඟය සඳහා ශ්‍රී ලංකාවෙන් තේරීපත් වෙන රූමතියට මිලියන 30ක් වටිනා කිරුළක් පලඳවන්නට ඔවුන් කටයුතු සංවිධාන තිබෙනවා. මේ සඳහා අනුග්‍රහය දක්වන්නේ රාජා ජුවලර්ස් වීමද විශේෂත්වයක් වන අතර මෙම වටිනා කිරුළට අමතරව ජයග්‍රහණය කරන රූමතියට ප්‍රංශ සංචාරයක්ද ලබා දීමට චන්දිමාල් ජයසිංහ කටයුතු සංවිධානය කර තිබෙනවා.

තවද එම ප්‍රංශ සංචාරය අතරතුර එරට ප්‍රසිද්ධ සඟරා දෙකක පෙනී සිටීමට ඇයට අවස්ථාව හිමිවන අතර ලෝක විවාහක රූ රැජින තරඟය සඳහා ඇය සහභාගී වන අවස්ථාවේදී ඒ සඳහා වන ගුවන් ටිකට් පත්ද නොමිලේ ලබාදීමටයි චන්දිමාල් ජයසිංහ ප්‍රමුඛ සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත්තේ.

මේ සඳහා ඔබටද අයදුම් කිරීමේ අවස්ථාව ඇති අතර ඒ සඳහාවල අයුදුම්පත්‍රය මෙතැනින් ලබාගත හැකිය. මේ මස 25 දක්වා අයදුම් යොමු කිරීමට ඔබට අවස්ථාව හිමි වනවා.

 

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News