Citizen.lk
 

විශේෂ නාවික හමුදා මෙහෙයුමකින් දින 9ක් තායිලන්තයේ ලෙනක සිරවී සිටි දරුවන් 12 දෙනා බේරා ගැනේ - වීඩියෝ

විශේෂ නාවික හමුදා මෙහෙයුමකින් දින 9ක් තායිලන්තයේ ලෙනක සිරවී සිටි දරුවන් 12 දෙනා බේරා ගැනේ - වීඩියෝ | Thai boys and their rake thin football coach miraculously found alive after being trapped in a flooded cave for nine days could be stuck
Tue 03 July 2018 10:22 am
1,554 views

තායිලන්තයේ ලෙනක දින නවයක් සිර වී සිටි පිරිමි දරුවන් 12 දෙනා සොයාගැනීමට ගැලවා ගැනීමේ කණ්ඩායම් සමත්වී තිබෙනවා. ඔවුන් කිසිවෙකුටත් ජීවිතයට හානියක් සිදුව නැති අතර ඔවුන් සියලු දෙනා ආරක්ෂිතව පසුවන බවයි විදෙස් මාධ්‍යා වාර්තා කර තිබෙන්නේ.

දරුවන් දොළොස් දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු සොයාගනු ලැබුනේ චියන්ග් රායි (Chiang Rai) ප්‍රදේශයේ පිහිටි තම් ලුවන්ග් Tham Luang ලෙන් ආසන්නයේ සිදුකරන ලද දැවැන්ත බේරාගැනීමේ මෙහෙයමකින් අනතුරුවය.

නාවික හමුදාවේ විශේෂ බලකායක් විසින් ඔවුන් සොයාගෙන තිබෙන අතර දරුවන් පිරිස ලෙනක සිරවීම ගැන තායිලන්තය කම්පා වූ අතර දිගින් දිගටම ඉහළ යමින් තිබූ ජල මට්ටම සහ මඩ තට්ටු හේතුවෙන් බේරා ගැනීමේ මෙහෙයුම්වලට බාධා පැමිණ තිබුණි.

මෙම දරුවන් පිරිස වයස අවුරුදු 11 සිට 16 දක්වා වයසේ පසුවූ අතර ශිඅන්ග් රායි (Chiang Rai) පළාතේ පිහිටි ලෙනට ඔවුන් ඇතුළුවූයේ පසුගිය ජුනි 23 වෙනි සෙනසුරාදාය.

කිලෝමීටර ගණනාවක් පොළව යටින් විහිදෙන Tham Luang Nang Non ලෙන සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගත් ස්ථානයක් වන අතර මෙම දරුවන් බේරා ගන්නා තුරු ඔවුන්ගේ දිමාපියන් ලෙන් දොර අසල බලා සිටියේ නොඉවසිල්ලෙනි.

 

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News