Citizen.lk
 

අවුරුදු 17 දී පාපන්දුවට ඇති වුන ආසාවෙන් ජාතික කණ්ඩායමට එක් වී දස්කම් පෙන්වන අපේ රටේ සුරූපී පාපන්දු ක්‍රීඩිකාව ප්‍රවීනා - Photos

අවුරුදු 17  දී  පාපන්දුවට ඇති වුන ආසාවෙන්  ජාතික කණ්ඩායමට එක් වී දස්කම් පෙන්වන අපේ රටේ සුරූපී පාපන්දු  ක්‍රීඩිකාව ප්‍රවීනා - Photos  | praveena perera
Tue 26 June 2018 11:41 am
942 views


රුසියාවේ පැවත්වෙන පාපන්දු ලෝක කුසලානෙය් තරඟ වට කිහිපයක් උණසුම් ලෙස අවසන් වුනා. මුළු ලෝකයේම අවධානයට ලක් ව තිබෙන පාපන්දු ක්‍රිඩාව ශ්‍රි ලංකාවේ එතරම් ප්‍රචලිත නෑ කවුරුත් පාපන්දු ගැන කතා කරන්නේ නෑ මේ කියන්න යන්නේ අපේ රටේ දක්ෂතා දක්වන කිසිවකුගේ අවධානයට ලක් නොවුන ජාතික කණ්ඩායම නියෝජනය කරන සුරූපී තරුණියක් ගැනයි.

ඇය ප්‍රවීනා මල්කි පෙරේරා, ශ්‍රී ලංකාවේ මේවන විට සිටින ජනප්‍රිය හා දක්ෂ පාපන්දු ක්‍රීඩිකාව ඇයයයි. විසි දෙවන වයසේ පසුවන ප්‍රවීනා ශ්‍රී ලංකා කාන්තා පාපන්දු පිල නියෝජනය කිරීමට අවස්ථාව හිමිකරගත්තේ 17 වෙනි වියේදීය.

එතැන් සිට අද දක්වා ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම නියෝජනය කරන ඇය වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩිකාවද වන්නේය. පුංචි කාලේ පාපන්දු ක්‍රිඩාවට ඇති වුන ආසව නිසාම ප්‍රවීනා විවිධ වු අභියෝගතා ජය ගෙන ශ්‍රි ලංකාවෙ දක්ෂතම පාපන්දු ක්‍රීඩිකාවක් බවට පත් වී සිටී නිරූපණ ශිල්පිනියක් ලෙසද කටයුතු කරන ප්‍රවිනා ඇය පාපන්දු ක්‍රිඩාවේ ඉදිරියට ආව හැටි මේ විදිහට කියලා තිබුනා...

"මම පාසලේ 6 වසරේ ඉන්නකොට දැක්කා කට්ටිය බෝලෙකට පයින් ගහගහා දුවනවා. මටත් ආස හිතුනා මොකක්ද මේ කියල බලන්න. එහෙමයි මම මේ ක්‍රීඩාවට යොමුවුණේ,"
"ගොඩක් දෙමව්පියෝ පාපන්දු වගේ දේකට ගැහැණු ළමයි කොහොමත් යොමුකරනවා අඩුයි, මගේ අම්ම වුනත් ගොඩක් අකමැතිවුණා මොකද, හැමෝම හිතන්නේ පිරිමි වගේ නෙවෙයි ගැහැණු ළමයි ගෙදරටම වෙලා හැදෙන්න ඕනේ කියලා. ඒ වගේ තත්ත්වයක්නේ ලංකාවේ තියෙන්නේ, අපි එතැනින් එහාට යන්න ඕනේ,"

"ගොඩක් දක්ෂ ගැහැණු ළමයි, හැංගිලා ඉන්නවා එන්න බයට. පාපන්දුවලට ලංකාවේ ගොඩක් ක්‍රීඩිකාවෝ අඩුයි

" මමත් පාපන්දු ක්‍රිඩාව ටික කාලයක් ගහලා ආයෙත් නැවැත්තුවා, හරි අමාරුයි. බොලේ වදිනවා, රිදෙනවා, ඊට පස්සේ පුහුණුකරු ගෙදර ඇවිල්ල බැනල මාව ආයෙත් ක්‍රීඩාවට යොමුකළා,"
"ගැහැණු ළමයින්ට හැමදේම පුළුවන්, දරාගැනීම වගේ හැමදේම පුළුවන් නේ. ඉතින් ක්‍රීඩාවත් එහෙමයි"

"ක්‍රීඩාවක් කළා කියලා අව්වේ හිටියා කියල ඒ දේවල් මගහැරෙන්නේ නැහැ මම නිරූපණ ක්ෂේත්‍රයට ගොඩක් ආසයි, ඉතින් මේකත් එක්ක, ඒකත් කරන්න මම අඩිය තියලා බැලුවා. පුළුවන් විදිහට හොඳ දේවල් හම්බවුනාම කරනවාමම දෙමාපියන්ගේ ඉල්ලන්නේ ඔයාලගේ දියණියන් ක්‍රීඩාවට යොමුකරන්න. ඒක කවදාවත් අහක යන්නේ නැහැ. නිරෝගී කමටත් එය බලපානවා"

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News