Citizen.lk
 

හලාවත පාසලක මැර ප්‍රහාරයකට ලක් වූ සිසුවෙක් අවාසනාවන්ත ලෙස මිය යයි

හලාවත පාසලක මැර ප්‍රහාරයකට ලක් වූ සිසුවෙක් අවාසනාවන්ත ලෙස මිය යයි | chelaw student
Sat 23 June 2018 10:42 am
585 views

 

පාසල් සිසුන්ගේ පහරදීමකට ලක් වූ හලාවත සවරාන මුස්ලිම් විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කළ මොහොමඩ් රිස්වි මොහොමඩ් ෆයිසුල් නමැති සිසුවා අද පෙරවරුවේ මිය ගොස් තිබෙනවා.

කුත් දිනක දේවමෙහෙයකට සහභාගී වී ආපසු යමින් සිටියදී පාසල් සිසුන් පිරිසකගේ අමානුෂික මැර ප්‍රහාරයකට ලක් වූ අතර, අසාධ්‍ය තත්වයේ පසු වූ එම සිසුවා හලාවත රෝහලට ඇතුලත් කල පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර එවන ලදී. පසුව ඔහු අද පෙරවරුවේ දැඩිසත්කාර එකකයේ දී ජීවිතක්ෂයට පත් වූ බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙම ප්‍රහාරය එල්ල කල සිසුවන් විසින් පහර දීම සම්බන්ධයෙන් කිසිවකුටත් නොපවසන ලෙස ද තර්ජනය කර ඇතැයි ද සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් එම පාසලේ සිසුන් සිවු දෙනකු අත්අඩංගුවට පත් අතර එක් සිසුවකු රිමාන්ඩ් ගත කළා. අනෙක් සිසුන් තිදෙනා ඇප මත මුදා හැර තිබෙනවා.

 

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News