Citizen.lk
 

කොටියා මැරූ අයට වැඩ වරදින ලකුණු - වසර 2ත් 5ත් අතර සිර දඬුවම් දෙන්න පුලුවන්ලු

කොටියා මැරූ අයට වැඩ වරදින ලකුණු - වසර 2ත් 5ත් අතර සිර දඬුවම් දෙන්න පුලුවන්ලු | leopard killed in kilinochchi update
Fri 22 June 2018 8:30 am
5,534 views

කිලිනොච්චිය, ආම්බල්කුලම ප‍්‍රදේශයේදී පහරදී කොටියෙකු ඝාතනය කිරීම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවට දැනගන්නට ලැබෙනවා. මෙම තැනැත්තන්ට එරෙහිව නීතිය වහා ක්‍රියාත්මක කළයුතු බව පරිසරවේදීන් අවධාරණය කර සිටින අතර නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා මිනිස් ක්‍රියාකාරකම්වලින් වනසතුන් ඝාතනයට ලක්වීම දිගින් දිගටම සිදුවන බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

මෙවන් සතෙකු මරා දැමීමේ වරදට රුපියල් 30,000 සිට 100,000 දක්වා දඩයක් නියම කිරීමට නීතියෙන් හැකියාව තිබෙන අතර එම දඬුවම වසර 2ත් 5ත් අතර දක්වා කාලයකට සිර දඬුවමක් ලෙසද ක්‍රියාත්මක කරවීමේ හැකියාව පවතිනවා.

වරින් වර ගම් වැදුණු මෙම කොටියා ඝාතනය කර තිබුණේ ඊයේ (21) දිනයේදී වන අතර කොටියා අල්ලා ගැනීමට වනජීවි නිලධාරීන්ද උත්සාහ කළත් එම මෙහෙයුම නතර කර ඔවුන් පිටව ගියේ ප‍්‍රදේශවාසීන් රාජකාරියට බාධා කරන බව පවසමින්. ඉන් අනතුරුවයි ප‍්‍රදේශවාසීන් විසින්ම කොටියා කොටුකර ගෙන පහරදී ඝාතනය කර ඇත්තේ.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News