Citizen.lk
 

චිත්‍රවලින් කෝච්චි හැඩකරන අපූරු සිත්තරුවා - Photos

චිත්‍රවලින් කෝච්චි හැඩකරන අපූරු සිත්තරුවා - Photos  | sarath dasanayake
Wed 20 June 2018 2:24 pm
576 views

ඔහු නමින් සරත් දහනායකය පිදිංචිය මාතර මාකඳුරේය සාමන්‍ය අධ්‍යාපනයක් ලද ඔහුටද හරිහමන් රැකියාවක් සොයාගැනීම ගැටළුවක් විය. ඒ නිසාම මුදල් අවශ්‍යතාවද තදින් දැනිණි. ඉන්පසුව සරත්ට හරි අපූරු අදහසක් පහල විය. ඒ කුඩා කාලයේ පටන් පාසල තුළ ඉමහත් කීර්තියක් අත්කරගත් ච්‍රිත්‍ර කලාව තමාගේ ජීවනෝපාය කරගැනීමට ඔහු සිතීය.

මේ වනවිට ඔහු දැරු තිදෙනෙකුගේ ආදරණීය පියෙකි දූවරු දෙදෙනාම දැන් විවාහ වී අවසන්ය. එකම පුතා පුද්ගලික ආයතනයක රැකියාව කරන අතර අදටත් මේ තිදෙනා ජීවත් වෙන්නේ සරත්ගේ දෑතින් සිත්තම් වන සිත්තම් නිසාවෙනි.

අනූව දශකයේ මැද භාගයේදී රැකියාවක් සොයාගෙන කොළඹ පැමිණි ඔහු මීට පෙර තමුන් ඉගෙනගත් තිර මත මුද්‍රණය දැනුමත් උපයෝගී කරගෙන කළ හැකි අපූරු රැකියාවක් සොයාගනී.

රැකියාවක් කීවද එය ස්ථීර එකක් නොවු අතර කොන්ත්‍රාත් ක්‍රමයට බහු ජාතික සමාගම්වල වෙළඳ දැන්වීම වෙළඳසරල්වල බිත්ති මත පින්තාරු කිරීම ඔහුගේ කාර්ය බවට පත්විය. තව ගෝලබාලයන් කිහිපදෙනෙකුත් සමගින් ඔමු එය හරි අපූරුවට සිදු කළ ආකාරය අපට පැවසීය.

මෙම කාර්යය කිරීමේදී ඔහුට එක මාර්ගයක් තෝරාදෙනු ලබන අතර මාසයක කාලයක් තුළදී එම මාර්ගයේ තිබෙන සියලුම වෙළඳසැවල බිත්ත මත අදාළ සමාගමේ දැන්වීම් සිත්තම්ව තිබිය යුතුය.

එසේ නොවුණහොත් සමාගමෙන් පොරොන්දු වූ මුදල සරත්ට හිමි නොවේ කොළඹ සිට මාතර දක්වා මාර්ගයේ සියලුම වෙළඳසැල්වල මාසයක් ඇතුළත එම දැන්වීම් නිමකිරීමට වරෙක ගෝලයන් 10 ක් පමණ යොදාගැනීමට ඔහුට සිදුවී තිබිණි. ඒ කාලය වනවිටත් එමගින් සිය පවුලේ නඩත්තුවට සැලකිය යුතු ආදායමක් උපයගත හැකිව තිබුණද වසර 2000 න් පසුව ඩිජිටල් මුද්‍රණය ඒ සියල්ල ආක්‍රමණයත් සමගම සරත්ගේ සේවයද ක්‍රමයෙන් අවසන් විය.

ඉන්පසු ජීවත්වීමට නව ක්‍රමවේදයක් සොයාගැනීමට ඔහුට දෛවය විසින් බලකළේය

මීට වසර 10 කට පමණ පෙර දුම්රියේ ගමන් කළ බොහෝදෙනෙකුට එම දුම්රිය මැදිරිවල බාහිරින් විවිධ සිතුවම්, වෙළද දැන්වීම් හරි අපූරුවට සිත්තම් කර තිබූ අයුරු මතක ඇතැයි සිතමි. ඒවා බොහෝ ගණනක් හැඩ වී ඇත්තේද මේ විධිමත් ආධ්‍යාපනයක් නොලද සොඳුරු සිත්තරාගේ දෑතිනි, දෙමටගොඩ දුම්රිය අංගණයට වී රාත්‍රියේ සිට පසුදා පහන්වනතුරු ඔහු ඇතුළු පිරිස ඒවා සිත්තම් කර ඇත්තේ සොබාදහමේ විවිධ කෙනෙහිලිකම් මැදදීය අධිකි වර්ෂාවක් ඇද හැලුනද ඔහුගේ කාර්ය නතර ක නොහැක්කේ පසුදා 6 වනවිට දුම්රිය භාරදිය යුතු බැවිණි කුමන බාධා පැමිණියද ඔහු සිය කාර්යය නිසි කලට වෙලාවට අවසන් කර තිබූ බව අතීත මතකය ඒ විඩාපත් මුහුණේ කුඩාවුණු ඇස් අපට පැවසීය

විටින් විට වාහනවලට ස්ටිකර් ඇලවීමේ කාර්යයද සිදුකළ මේ සිත්තරාට අදටද ස්ථීර රැකියාවක් නොමැති. තවමත් ජීවත් වෙන්නෙ සිත්තම් ඇදීමේ හැකියාවෙනි රැකියාවක් ලබාදෙන ලෙස රජයට බලකරමින් සිටින තරුණ තරුණයින් ලක්ෂ ගණනක් සිටින අපේ රටට සරත්ලා වටිනාකම කියා නිමකළ නොහැකි සම්පත්ය.

Latest News

( 21 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News