Citizen.lk
 

මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ඇතුළු මන්ත්‍රී 10ක් පොහොට්ටුවට

මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ඇතුළු මන්ත්‍රී 10ක් පොහොට්ටුවට | central provincial council
Wed 20 June 2018 9:15 am
246 views

 

මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ඇතුළු මන්ත්‍රී වරු 10 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කරන බව නියෝජ්‍ය සභාපති ආර්.එම්.එස්.බී. රත්නායක ප්‍රකාශ කළා.


ඔහු මේ බව කියා සිටියේ මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති කාර්යාලයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

වත්මන් රජය ගෙන යන පාලන ක්‍රමයට විරෝධය පළ කරමින් තමන් අතුළු කණ්ඩායම මෙම තීරණය ගත් බවයි නියෝජ්‍ය සභාපතිවරයා කියා සිටියේ.‍


නියෝජ්‍ය සභාපති ආර්.එම්.එස්.බී රත්නායක, පළාත් සභා මන්ත්‍රිවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, නිමල් පියතිස්ස , ගුණතිලක රාජපක්ෂ , කමල් බෙලිගොල්ල , වීරසිංහ අලුත්ගමගේ , ටී.ජී ජයතිස්ස , ජී . ජයසිංහ , තිලක් බණ්ඩාර , පරාක්‍රම දිසානායක යන පළාත් සභා මන්ත්‍රීවරුන් මෙලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය ලබා දෙන බව ප්‍රකාශ කළා.

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News