Citizen.lk
 

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති යලි රිමාන්ඩ්

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති යලි රිමාන්ඩ් | mahanama and disanayake
Tue 19 June 2018 11:56 am
259 views




රුපියල් කෝටි දෙකක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප‍්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක මේ මස 26 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, සැකකරුවන් අද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. තම සේවාදායකයන්ට ඇප ලබාදෙන ලෙසට ඔවුන්ගේ නීතිඥයන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය එදිනට ලබාදෙන බවද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා දැනුම් දුන්නා.


කන්තලේ සීනි සමාගමට අයත් කොටස් ඉන්දියානු සමාගමකට ලබාදීම වෙනුවෙන් එම සමාගමෙන් රුපියල් කෝටි 54ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් අත්තිකාරමක් ලබාගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් කොළඹ පිහිටි හෝටලයක රථගාල තුලදී මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මැයි මස 03 වනදා පස්වරුවේයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් හෝටල් රථගාල තුල අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් කෝටි 2ක කප්පම් මුදල ගණන් කරමින් සිටි බව සඳහන්.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News