Citizen.lk
 

මේ මහන්සි වෙන්නේ අපේම රටේ එක්තරා පිරිසක් පිපාසය නිවා ගැනීමටයි - Photos

මේ මහන්සි වෙන්නේ අපේම රටේ එක්තරා පිරිසක් පිපාසය නිවා ගැනීමටයි - Photos | baththalangunduwa water
Tue 19 June 2018 8:26 am
1,569 views


කල්පිටිය අර්ධද්වීපයට සීමා මායිම්ව පිහිටා ඇති බත්තලංගුණ්ඩුව දූපතේ ජීවත් වන ධීවර ජනතාවට පානිය ජලය නොමැතිකමින් ඔවුන් උග්‍ර පානිය ජල ප්‍රශ්ණයකට මුහුණ පා තිබෙනවා.

කල්පිටිය අර්ධද්වීපය කියු සැණින් කාගෙත් මතකය දිව යන්නේ බත්තලංගුණ්ඩුව දූපත වෙතය. මන්ද එහි පෞරාණික මෙන්ම ඵෛතිහාසික වැදගත්කමක් කැටුව ඇති ස්භාවික දූපතක් නිසාවෙනි. එහි සුන්දරත්වය වචන වලින් කියා නිම කිරීමට නොහැකි ලෙස එම දූපත අද කාගෙත් වැඩි කතා බහට ලක්ව තිබේ.

කොතරම් අලංකාර වුවද, කොතරම් සුන්දර වුවද එහි ජීවත් වන ජනතාව අමිහිරි කටුක ජීවිතයක් ගත කරනවා යන්න සදහන් කලොත් එය නිවැරදි කරුණකි. මන්ද බත්තලංගුණ්ඩුව දූපතේ සිටින ජනතාවගෙන් බහුතරයක් ධීවර කර්මාන්තයේ නිරත වන ධීවරයින් 1500ට ආසන්න ප්‍රමාණයක් සිටින අතර, මෙම දූපතේ ධීවර පවුල් ප්‍රමාණය 1700ක්.


මොවුන් පානීය ජලය ලබා ගැනීම සඳහා මුහුද ආශ්‍රිත වෙරළේ වලවල් හාරා ජලය ලබා ගන්නා බව බවයි එහි ගිය අපට දැක ගන්නට ලැබුණේ. එම ජලය ඉතාමත් බොර පැහැයක් ගන්නා අතර, ජලය සමග වෙරළේ ඇති අපිරිසිදු කුණු රොඩු හා වැලි මිශ්‍රණය වී ඇති බව ද අපට දක්නට ලැබුණා.


වෙරළ ආශ්‍රිතව වළවල් සාදා ජලය ගන්නා ස්ථාන ඌත්තු ලෙස හදුන්වන මොවුන් කළගෙඩියකට ජලය පුරවා ගැනීම සදහා පැය භාගයක පමණ කාලයක් ගත කර අපමන වෙහෙසක් දරනවා.

‍මෙලෙස ඉතාමත් අසීරු ලෙස ලබා ගන්නා ජලය නිවෙස් වල පවතින බැරල්වල දමා පෙරා ස්වල්ප වශයෙන් පාරිභෝජනය කරනවා.

බත්තලංගුණ්ඩුව ධීවර ජනතාව විඳින මෙම දුක කිසිදු බලධාරීයෙකු අනධානය යොමු වී නොමැති බවයි එහි ජනතාව චෝදනා කරන්නේ.

Latest News

( 21 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News