Citizen.lk
 

මිග් ප්‍රහාරක යානා දෙකක් සිදුකල පුහුණු වීමකදී කල්පිටිය ප්‍රදේශයකට වැටුන හිස් පතොරම් නිසා නිවාස දෙකකට අලාභ හානී සිදුවෙයි

මිග් ප්‍රහාරක යානා දෙකක්  සිදුකල පුහුණු වීමකදී  කල්පිටිය ප්‍රදේශයකට වැටුන හිස් පතොරම් නිසා නිවාස දෙකකට අලාභ හානී සිදුවෙයි  | mig 27 Airfoarce  mission mistake
Mon 18 June 2018 6:36 pm
473 views

මිග් ප්‍රහාරක යානා දෙකක් මඟින් සිදුකල පුහුණු වීමක් අතර තුර කල්පිටිය කන්දකුලිය ඊච්චන්කාඩුව ධිවර ගම්මානයේ නිවාස දෙකක් මතට හා වතු කීපයකට හිස් පතොරම් කොපු කීපයක් වැටීමේ සිදුවීමක් පිළිබඳව කල්පිටිය පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. අද (18) පෙරවරුවේ සිදුවූ මේ සිදුවීමෙන් ප්‍රදේශයේ නිවාස දෙකකට අලාභහානි සිදුව තිබේ.

කල්පිටිය කන්දකුලිය ගම්මානයට යාබඳව ගුවන්හමුදා පුහුණු කදවුරක් පිහිටා ඇති අතර අද පෙරවරුවේ ගුවන් යානා කීපයක් මේ කඳවුරට ඉහළ අහසේ පුහුණුවීම සිදු කර තිබේ. මේ ගුවන් යානා අතර මිග් ප්‍රහාරක ගුවන් යානා දෙකක්ද තිබී ඇති අතර ඉන් එකක් මඟින් හෙලන ලද පතොරම් හිස් කොපු මෙලෙස නිවාස හා වතු මතට පතිතව ඇත.

මේ ගුවන් හමුදා කඳවුර ආශ්‍රිත පුහුණුවීම සඳහා ගෙන එන ලද බෝම්බයක් පුපුරා යාමෙන් මිට වසර කීපයකට පෙර කුඩා දරුවන් දෙදෙනෙකු මියගිය අතර තවත් තිදෙනෙකු තුවාල ලැබිය.

ඊයේ(17) මෙලෙස පතොරම් පතිතව ඇත්තේ එලෙස තුවාල ලබා සිටින දරුවෙකුගේ වත්තට වන අතර ඊයේ සිදුවීම වන අවස්ථාවේ මේ දරුවාගේ මාව ගෙවත්ත අතුගාමින් සිට ඇති අතර ඇය අසලටද එක් පතොරමක් පතිතව ඇත.

මිට පෙර තවත් අවස්ථා කීපයකදී ද කන්දකුලිය අවට ගම්මාන කීපයක ජනතාවට හා නිවාස දේපොළවලට මේ කඳවුර ආසන්න පිපිරීම් හේතුවෙන් හානි සිදුව තිබිණි.මෙවැනි පුහුණුවීම් ජනශුන්‍ය ප්‍රදේශවල සිදුකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව පැවසූ ප්‍රදේශවාසින් අඩු තරමින් මෙවැනි පුහුණු වීම් සිදුකිරීමේදී ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමට හෝ වගබලා ගත යුතු බව පැවසුහ.

මේ පතොරම් කොපු වැටීම හේතුවෙන් අලභාහානි වූ නිවාස දෙක අද පෙරවරුවෙම අලුත්වැඩියා කර දීමට ගුවන්හමුදා නිලධාරීන් පියවර ගෙන තිබේ

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News