Citizen.lk
 

කඩු පොලු අතින් ගත් පිරිසක් නිසා යාපනය උණසුම් වෙයි - 5ක් අත්අඩංගුවට

 කඩු පොලු අතින් ගත් පිරිසක් නිසා යාපනය උණසුම් වෙයි - 5ක් අත්අඩංගුවට | 5 Arrest In Jaffna
Mon 18 June 2018 9:23 am
1,327 views

යාපනය මල්ලාකම් ප‍්‍රදේශයේ දී පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (17) රාත‍්‍රීයේ මෙම සිද්ධිය සිදු වුණේ මල්ලාකම් සහායමාතා දේවස්ථානයේ පැවති වාර්ෂික මංගල්‍ය අවස්ථාවේදීයි.

රාජකාරී කටයුත්තක් සඳහා යාපනය චුන්නාකම් පොලිසියේ සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු තෙලිප්පලේ ප‍්‍රදේශයට යමින් සිටි අවස්ථාවේ මෙම සිද්ධිය සිදු වුණා. එහිදී තෙලිප්පලේ මල්ලාකම් හංදියේදී දෙපිරිසක් කඩු පොලූ රැගෙන නොසන්සුන් ලෙස හැසිරෙන අයුරු එම පොලිස් නිලධාරීන් දැක තිබෙනවා.

අදාළ ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් මැඩලීමට යෑමේදී පොලිසියට මෙම අනපේක්ෂිත අවස්ථාවට මුහුණ දීමට සිදු වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර එලෙසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙපිරිස අතර ගැටුමට සම්බන්ධ 05 දෙනෙක්.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News