Citizen.lk
 

ජනපති උපදෙස් මත සිංහරාජයේ වන අලි මෙහෙයුම නතර කරයි

ජනපති උපදෙස් මත සිංහරාජයේ වන  අලි මෙහෙයුම නතර කරයි | Sinharaja elephant relocation operation called off
Sun 17 June 2018 2:13 pm
535 views

ලෝක උරුමයක් ලෙස සැළකෙන සිංහරාජ වනාන්තරය තුළ දැනට ඉතිරිව සිටින තෙත් කලාපීය වන අලින් දෙදෙනා සොයා ක්‍රියාත්මක මෙහෙයුම් ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් මත නතර කිරීමට තීරණය කළ බව තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි. 

වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවයරුන් ඊයේ(16) පස්වරුවේ සිය වෘත්තීය ක්‍රියාමාර්ය නිමා කරමින් ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ සිටින අවසන් තෙත් කලාපීය වන අලි දෙදෙනා සෙවීමේ මෙහෙයුම ආරම්භ කළේය.

එම ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවද නොතකා වනජීවි නිලධාරීන් කණ්ඩායමක් වන අලීන් දෙදෙනා ගැවසෙන ප්‍රදේශවල පරික්ෂා කිරීම්ද අඛණ්ඩව සිදුකරමින් කරමින් සිටියේය.

ඒ අනුව මෙම අලි දෙදෙනා ගැවසෙන සයිප්‍රස්වත්ත ප්‍රදේශයට ඊයේ පස්වරුවේ පශු වෛද්‍යවරයෙකු ගොස් එම ප්‍රදේශයේ අධීක්ෂණ කටයුතුවල නිරත වුණේ එහිදී අලින් නිර්වින්දනය කිරීම සඳහා සුදසු ද නැද්ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහාය. කෙසේ වෙතත් අද උදාසෑන වන අලීන් සෙවීමේ මෙහෙයුම් නතර කරන ලෙසට වනජීවි නිළධාරීන්ට උපදෙස් ලැබී තිබේ. 

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News