Citizen.lk
 

ජීවිත 12 ක් රැගෙන ගිය වෑන් රථය අධි බලැති විදුලි කණුවක ගැටී සිදු වූ අනතුර - Photos

ජීවිත 12 ක් රැගෙන ගිය වෑන් රථය අධි බලැති විදුලි කණුවක ගැටී සිදු වූ අනතුර  - Photos  | dabulla anuradapura roada accident
Sun 17 June 2018 1:14 pm
489 views

දඹුල්ල, අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ බුලාගල ප්‍රදේශයේදී අද(17) පෙරවරුවේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අධි බැලැති ට්‍රාන්ස්ෆෝමරයක ගැටීමෙන් එහි ගමන් ගත් එකම පවුලේ 12 දෙනෙකු බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල පොලීසිය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ වැලිමඩ බොරලන්ද ප්‍රදේශයේ පදිංචි කරුවන් පිරිසක් බවත් ඔවුන් වැලිමඩ ප්‍රදේශයේ සිට වව්නියාව ප්‍රදේශයේ පවුලේ අයකුට විවාහවීම සඳහා තරුණියක් බැලීමට යන අතරතුර මෙම අනතුර සිදු වූ බව පොලීසිය සඳහන් කළේය.

දඹුල්ල දෙසින් අනුරාධපුර දෙසට වෑන් රථය වේගයෙන් ධාවනය වී තිබෙන බවත් එහිදී මාර්ගයෙන් ඉවතට පැන මිටර් 40ක් පමණ දුර වෑන් රථය පෙරළී ගොස් මාර්ගය අසළ තිබුණු ට්‍රාන්ස්ෆෝමරයක ගැටී වෑන්රථය වෙලකට පෙරළී ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය. තුවාලකරුවන් අතර කාන්තාවන් අටක් පිරිමි හතරයි ඒ අතර කුඩා දරුවන් දෙදෙනෙක් වන බව පොලීසිය වැඩිදුරටත්

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News