Citizen.lk
 

බලා සිටි සැමගේ නෙතට කඳුලක් එක් කරමින් ඩුබායි රටේ ගෘහ සේවය සඳහා ගිය ශාන්ති අක්කගේ මළ ගෙදර "අම්මා අම්මා" කියා අඩමින් මිනි පෙට්ටිය කරමත තබාගෙන ඇය සේවය කල නිවසේ දරුවන්

බලා සිටි සැමගේ නෙතට කඳුලක් එක් කරමින් ඩුබායි රටේ ගෘහ සේවය සඳහා ගිය ශාන්ති අක්කගේ මළ ගෙදර
Sat 16 June 2018 3:00 pm
63,037 views

 

ඩුබායි රටේ ගෘහ සේවය සඳහා ගිය මෙරට කාන්තාවකගේ මළ ගෙදරට ඇය සේවය කල නිවසේ ස්වාමියා ඇතුළු 6 දෙනෙකු පැමිණ අවසන් භුහුමන් දැක්වීමේ සංවේදී පුවතක් සමාජ ජාල මාධ්‍ය තුළ මේ දින වල හුවමාරු වෙනවා.

ඒම සටහන පහතින්...

"මගේ හොදම යාලුවෙක්ගේ අක්කගේ වියෝව දවසේ මා දුටු මිනිස්කම"
" නමින් ජගත් ලක්ෂ්මන්, මගේ අවුරුදු 30ත් වැඩි හොදම යාළුවෙක්. සහෝදරයෙක් කිව්වත් වැරදි නැ... මේක පටන්ගන්නේ ජගත් අයියාගේ අක්කා ශාන්ති අක්කගේ වියෝවත් සමගින්...

ශාන්ති අක්කා 1981 රැකියවක් සඳහා ඩුබායි රටට යන්නේ දරුවන් 4දෙනෙක් බලාගැනිමටයි. වැඩි කලක් යන්නට මත්තෙන් ඒ දරුවන් ගණන 8ක් බවට පත්වෙනවා. දරුවන් අටක්කගේ වගකිම මව් පදවියක් නොලබපු ශාන්ති අක්කා නොපිරිහේලා ඉටුකරනවා. (සන්ති අක්කා අවිවාහකයි) වසර 38 එකම නිවසක සේවය කල ශාන්ති අක්කා 2009 වසරේ අසනිප වෙනවා.

ඒ අවස්තාවේ ඇයව ලංකාවට නොඑවා ඩුබායි රටේම ප්‍රතිකාර කරන්නට ඩුබායි ජාතිකයින් කටයුතු කරනවා. ඒ අවස්ථාවේදි මගේ මිතුරු ජගත් අයියාට නොමිලේ විසා සහ ගුවන් ගමන් පතක් ලබාදි අක්කාගේ සැපදුක් බැලිමටද ඒ අය කාරුනික වෙනවා.

ඇයගේ අසනිප තත්වය දිනෙන් දින වැඩි වෙනකොට, ඇයට උපස්තාන කිරිමට ලංකාවෙන් තවත් සේවිකාවක් එම නිවසේම ශාන්ති අක්කා වෙනුවෙන් නතර කරනවා.

ඒ අතරතුර ශාන්ති අක්කගේ බලකිරම මත සිංහල බෙහෙත් කිරිම පිනිස ලංකාවට පැමිණෙන්නේ 2012 හොඳකරගේන හෝ නැතිව නැවත එම ගෙදරට එන පොරොන්දුව මතයි.

ඇයව ලංකාවට ගෙනැවිත් මගේ යලුවාට ඔවුන් බාරදි, ඇයව කේසේ හෝ සුවකරලා නැවතත් ඔවුන්ගේ ගෙදරට එවන මෙන් ජගත් අයියාගෙන් ඔවුන් අයැද රටින් පිටව‍ෙනවා. මේ කාළය අතරේදී ජගත් අයියා දන්නා සැම වෙදකමක්ම ඇය වෙනුවෙන් කැපවී කරන නමුත් දිනේන් දින ඇය ගේ රෝගි තත්වය උස්සන්න වෙනවා.

2012 සිට ඇය මියයන තෙක්ම දුරකතන මගින් ද වසරට කිපවරක් ඔවුන් මෙරටට ඇවිදින්ද ශාන්ති අක්කව බලලා යනවා. ඇය මියගිය පුවත ඇසූ ඔවුන් 6 දෙනෙකු ලංකාවට පැමිණ තිබෙනවා.

ඔහුන් අම්මා අම්මා කියා අඩමින් මිනි පෙට්ටිය කරමත තබාගෙන යනවිට, දේහයට අවසන් බුහුමන් දැක්විමට පැමිනි අප සැමගේ නේතටත් අප නොදැනිම කදුලක් එකතුවුනා. ශාන්ති අක්කා හැමදාමත් ඔවුන්තුල ජිවත්වේයි කියා මටත් හිතුනා. අවසානයේ ඔවුන් ඔවුන්ගේ ආගම කියමින් වල ලඟ වැතිරිලා ඔවුන්ව අතිදැඩි කල ඒ අම්මාට අවන්කම ස්තුතිය පුදකලා කියා මට හිතුනා. දෙමාපියන් මහමග දමායන රටේ කුමන හෝ ජාතියකින් මිහිපිට මම වසර 52ට දැකපු හොදම දසුන මේයයි කියා මම සිතමි.

එම ඡායාරූප සියල්ල පහතින්

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News