Citizen.lk
 

මේ දඬුවමෙන් මම සෑහීමකට පත්වෙනවා හා සතුටට පත්වෙනවා - ඥාණසාර හිමිට දඬුවම් හිමිවීමෙන් පසු සන්ධ්‍යා එක්නැළිගොඩ කියූ කතාව

මේ දඬුවමෙන් මම සෑහීමකට පත්වෙනවා හා සතුටට පත්වෙනවා - ඥාණසාර හිමිට දඬුවම් හිමිවීමෙන් පසු සන්ධ්‍යා එක්නැළිගොඩ කියූ කතාව | Gnasara thero Arrested update 3
Fri 15 June 2018 8:36 am
4,265 views

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් දඬුවමෙන් තමා සෑහීමකට පත්වන බවත් රටවැසියාගේ වගකීම නීතිය ශක්තිමත් කිරීම බවත් සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය පවසා තිබෙනවා.

ඊයේ (14) අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය මේ පිළිබඳව පවසා තිබුණේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බැණවැදී තර්ජනය කිරීමේ සිදුවීමට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

“පුරවැසියාගේ වගකීම තමා නීතිය ශක්තිමත් කිරිම, මට ඒක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ (තියෙනවා). ඒ අනුව තමයි මහේස්ත්‍රාත්තුමා දඬුවම් නියම කළේ. මේ දඬුවමෙන් මම සෑහීමකට පත්වෙනවා හා සතුටට පත්වෙනවා. අධිකරණයක් ඇතුළේ හෝ ස්ත්‍රියකට හින්සා කිරීම වරදක් කියන එක මේ රටේ සියලුම මිනිස්සු දැනගන්නවා. අනාගතයේදී ඕනෑ තරම් මිනිස්සු ඉන්න පුළුවන් වින්දිතයින්ට හිංසා කරන්න.”

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News