Citizen.lk
 

2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට සූදානම් බව - ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට සූදානම් බව - ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් | gotabaya rajapaksha
Thu 14 June 2018 7:01 pm
570 views

 

2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට තමා සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

මහනුවර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.


ආර්ථිකය, සංවර්ධන, ජාතික ආරක්ෂාව ආදී සියලුම අංශවල කඩා වැටීමක් තිබෙන බවත් රාජපක්ෂවරුන්ගෙන් සහ පසුගිය ආණ්ඩුසමයේ කටයුතු කළ රාජ්‍ය නිලධාරීන්ගෙන් පළිගන්නවා හැර වෙනත් කිසිඳු දෙයක් වත්මන් ආණ්ඩුව සිදු නොකරන බව හිටපු ආරක්ෂක ලේකම්වරයා එහිදී සඳහන් කළා.

එමෙන්ම වැරදිකරු කවුද නඩු දැමිය යුත්තේ කාටද සම්බන්ධයෙන් තීරණය කරන්නේ දේශපාලඥයින් විසින් සැදුම්ලත් මණ්ඩලයක් විසින් බවද ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියා.

හොරු අල්ලන බව පවසා දේශපාලන විරුද්ධවාදීන් සිරගත කිරීම මඟින් දූෂණය නැති කිරීමට නොහැකි බවත් දූෂණය නැති කිරීමට නම් නියම හොරුන් අල්ලාගත යුතු බවද ඒ මහතා පැවසීය.

2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අවශ්‍යතාවයක් පැනනැගුන හොත් ඒ සඳහා කිසිඳු ගැටලුවක් නොමැති බවත් නමුත් කවුරුන් ඉදිරිපත් වන්නේද යන්න සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ හිටපු ජනාධිපතිවරයා බව හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටි අතර, කරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමිනමකට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද්දක් බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් කළ විමසීමේ දී කියා සිටියේ මේ වන විට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවත් ඒ අනුව එහි සත්‍ය අසත්‍යතාව මේ වන විට අනාවරණය වී ඇති බවයි.

 

 

 

 

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News