Citizen.lk
 

සිංහරාජ රක්ෂිතයේ සැරිසරන අලි දෙදෙනා තවදුරටත් එම රක්ෂිතයේම රඳවා තබන ලෙස ජනපති නියෝගයක්

සිංහරාජ රක්ෂිතයේ සැරිසරන අලි දෙදෙනා තවදුරටත් එම රක්ෂිතයේම රඳවා තබන ලෙස ජනපති නියෝගයක් | sinharaja elephant
Thu 14 June 2018 5:14 pm
381 views

 

පූර්ණ විද්‍යාත්මක අධ්‍යයනයකින් තොරව සිංහරාජ රක්ෂිතයේ සැරිසරන අලි දෙදෙනා වෙනත් වාසස්ථානයක් කරා යොමු කිරීමට පියවර නොගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දුන් බව ජනපති මාධ්‍ය අංශය පවසනවා.


ලෝක උරුමයක් වූ සිංහරාජ රක්ෂිතයේ සැරිසරන අලි දෙදෙනා වෙනත් ස්ථානයකට රැගෙන යාමට ප්‍රථමයෙන්
විශේෂඥ දැනුමක් ඇති පිරිසක් විසින් සිදුකරන ලද පූර්ණ විද්‍යාත්මක අධ්‍යයනයකින් අනතුරුව පමණක් ඉදිරි පියවර ගන්නා ලෙසයි එහිදී ජනාධිපතිවරයා පරිසර අමත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක සහ වන සංරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් අනුර සතුරුසිංහ යන මහත්වරුන්ට වෙත උපදෙස් දී ඇත්තේ.

මෙරට අලි සම්පත රැක ගැනීම වෙනුවෙන් එම සතුන් ඔවුන්ට අයත් භූමිය තුළම සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙසද ජනපතිවරයා සඳහන් කර තිබෙනවා.

මෙම අලි දෙදෙනාගෙන් ප‍්‍රදේශවාසීන්ට සිදුවන බාධා වළක්වා ගැනීම වෙනුවෙන් ඒ ආශි‍්‍රතව අලි වැට ඉදිකිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ද ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News