Citizen.lk
 

සිවුරු ඉවත්කර ජම්පරය අන්දන්න නම් උපසම්පදා වූ හිමිවරු තුන්නමක් ඕනි -  සිර දඬුවම් හිමිවූ ඥානසාර හිමියන්ට ජනපති පොදු සමාවක් හිමිවෙන ලකුණු ?

සිවුරු ඉවත්කර ජම්පරය අන්දන්න නම් උපසම්පදා වූ හිමිවරු තුන්නමක් ඕනි -  සිර දඬුවම් හිමිවූ ඥානසාර හිමියන්ට ජනපති පොදු සමාවක් හිමිවෙන ලකුණු ? | Gnasara thero Arrested update
Thu 14 June 2018 5:02 pm
18,326 views

මාස 6ක සිර දඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට ජනපති පොදු සමාවක් ලබාගැනීම සඳහා උන්වහන්සේට හිතවත් ගිහිපැවිදි පිරිසක් උත්සහ දරමින් සිටින බවට ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා.

මේ පිළිබඳව වන සාකච්ඡා මේ වන විටත් සිදුවෙමින් පවතින අතර ඒවා බොහෝ දුරට සාර්ථක වනු ඇති බවයි වැඩිදුරටත් දැනගන්නට ලැබෙන්නේ.
ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට සිර දඬුවම් නියම වන්නේ අපරාධමය චෝදනාවක් මත නොවන බැවින් එය පෙන්වා දෙමින් මෙම පොදු සමාව ලබාගැනීමට උත්සහ දරන බවත් දැනගන්නට ලැබෙනවා.

කෙසේ නමුත් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් උපසම්පදා භික්ෂුවක් බැවින් උන්වහන්සේට වඩා උපසම්පදාවෙන් ඉහළ භික්ෂූන් වහන්සේ තුන් නමක් බන්ධනාගාර සිර දඬුවම වෙනුවෙන් උන්වහන්සේගේ සිවුර ඉවත් කිරීම සඳහා පැමිණිය යුතු වනවා.

එතෙක් සිර දඬුවම ක්‍රියාත්මක කරමින් උන්වහන්සේට ජම්පරයක් ලබාදීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකියාවක් නැති බවයි දැනගන්නට ලැබෙන්නේ.
කෙසේ නමුත් උන්වහන්සේට සිරකරුවෙක් ලෙස සළකමින් ජම්පරයක් ඇන්ඳවීමට පෙර පොදු සමාව හිමවනු ඇති බව උන්වහන්සේට හිතවත් ගිහිපැවිදි පිරිස් විශ්වාසය පළකරනවා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News