Citizen.lk
 

ගාල්ල බන්ධනාගාරයේදී රැදවියෙකුට පහරදීමක්

ගාල්ල බන්ධනාගාරයේදී රැදවියෙකුට පහරදීමක් | Prisoner Attack In Galle Prison
Thu 14 June 2018 1:12 pm
219 views

පාතාල කල්ලියක ගෝලයින් පිරිසක් සිරදඬුවම් විදිනු ලබන රැඳවියකුට ගාල්ල බන්ධනාගාරයේ අමුත්තන් බැලීමේ කාමරය අසලදී පහරදී ඇති බවට වාර්තා වෙනවා. මෙම පහරදීමෙන් තුවාල ලැබූ රැඳවියා බන්ධනාගාර නිලධාරින් විසින් කඩිනමින් කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන විත් ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු බන්ධනාගාර රෝහලට යළි රැගෙන ගොස් තිබෙනවා.

කොස්ගොඩ සුජි නැමැති පාතාල කල්ලියේ ගොලයින් පස්දෙනෙකු මෙම රැඳවියාට පහරදී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

සිරදඬුවම් විදිනු ලබන රැඳවියාගේ මුහුණට පහරදී ඇති අතර මෙම ගැටුම බන්ධනාගාර නිලධාරින් විසින් ක්ෂණිකව මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. මෙම රැඳවියා උපක්‍රමශිලිව අමුත්තන් බැලිමේ කාමරය අසලට ගෙන්වා ගෙන පහරදී ඇති බවද දැනගන්නට ලැබෙනවා.

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරු හා මෙම රැඳවියා අතර මීට දිනකට පමණ ඉහතදී ආරවුලක් ඇති වී තිබෙනවා. එයට පළිගැනීමක් වශයෙන් සිරදඬුවම් විදිනු ලබන රැඳවියාට පහරදී ඇති බවට බන්ධනාගාර නිලධාරීන් සැක කරනවා.

මේ පිළිබඳ ගාල්ල බන්ධනාගාර අධිකාර ජගත් චන්දන වීරසිංහ මහතා මෙසේ පවසා තිබෙනවා.......

සිරදඬුවම් විදිනු ලබන රැඳවියකුට පහර දිමක් වෙලා තියෙනවා. ඔහුගේ මුහුණට තමයි පහරදිම වෙලා තියෙන්නේ මොහු කරාපිටිය රෝහලට රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදීමෙන් පසු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තියෙනවා.

මෙම ගැටුම බන්ධනාගාර නිලධාරින් විසින් ක්ෂණිකව මැඩපැවැත්වීමට කටයුතු කළා. බන්ධනාගාර නිතිරිති වලට අනුව මෙකී පහරදිමට සම්බන්ධ අය බන්ධ විනිශ්චය මණ්ඩලය හමුවට පමුණුවා දඬුවම් ලබාදීමට කටයුතු කරනවා යැයි ද බන්ධනාගාර අධිකාරිවරයා සඳහන් කළේය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News