Citizen.lk
 

ඥාණසාර හිමියන්ට බරපතල වැඩ සහිත මාස 6ක සිරදඬුවම් නියමවෙයි - Update

 ඥාණසාර හිමියන්ට බරපතල වැඩ සහිත මාස 6ක සිරදඬුවම් නියමවෙයි - Update | bodubalasena gdanasara himi homagama
Thu 14 June 2018 12:47 pm
453 views

 
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට බැන මරණ තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඥාණසාර හිමියන්ට බරපතල වැඩ සහිත මාස 6ක සිරදඬුවම් නියමවෙයි.

ඊට අමතරව හෝමාගම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු උදේශ් රණතුංග විසින්  නියෝග කළේ ඥාණසාර හිමියන්ට රුපියල් තුන්දහසක දඩයක් ගෙවන ලෙසයි එමෙන්ම එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළා.

-------------------------------------

 

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හෝමාගම අධිකරණයට පැමිණියා. හෝමාගම අධිකරණයේ දී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට බැන මරණ තර්ජනය කිරීමේ චෝදනාවට වරදකරු වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අද දඬුවම් නියමකිරීමට නියමිතයි.

හෝමාගම අධිකරණ සංකිර්ණයේ මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබෙනවා.

ඥානසාර හිමියන්ට සහය පළකරමින් භික්ෂුන් වහන්සේලා සහ දායක පිරිස් අධිකරණ සංකීර්ණය ආසන්නයේ මේ වන විට රැදී සිටින අතර,

මෙම සිදුවීම වාර්තා කිරීම සඳහා මේ වන විට දෙස් විදෙස් මාධ්‍යවේදීන් ද අධිකරණ සංකීර්ණයේ රැස්වී සිටිනවා.

සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ද අධිකරණ සංකීර්ණයට පැමිණියා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News