Citizen.lk
 

2018 පාපන්දු ලෝක කුසලානය අද ආරම්භ වීමට සියල්ල සූදානම්

2018 පාපන්දු ලෝක කුසලානය අද ආරම්භ වීමට සියල්ල සූදානම් | Fifa World Cup 2018 Russia
Thu 14 June 2018 8:59 am
100 views

2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අද රුසියාවේ සත්කාරකත්වයෙන් ආරම්භ වීමට සියල්ල සූදානම්. ලොව පුරා කළාප 6 කින් සුදසුකම් ලැබූ කණ්ඩායම් 32 ක් එක් කුසලානයක් වෙනුවෙන් අද තරග බිමට පිවිසීමට නියමිත අතර වසර 4කට පසු පැවැත්වෙන මෙම තරඟාවලිය පිළිබඳව ලොව පුරා පාපන්දු රසිකයින් බලා සිටින්නේ නොඉවසිල්ලෙන්.

රුසියාවේ නගර 11ක ක්‍රීඩාංගණ 12 කදී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිත මේ මහා තරගාවලියේ මූලික වටයේදී කාණ්ඩ 8 ක් යටතේ පැවැත්වෙන අතර තරගාවලියට නව තාක්ෂණික උපක්‍රම රැසක් ද යොදාගෙන තිබෙන්නේ රුසියාවේ ආධිපත්‍ය ලොවට කියා පාමින්ය.

වීඩීයෝ පුනරූපණ තාක්ෂණය මෙන්ම තරගය පැවැත්වෙන අතරතුර ක්‍රීඩකයින්ගේ පිළිබඳ තොරතුරු විනිසුරුවරුන්ට දැන ගැනීම සඳහා අධිසංවේදී තාක්ෂණික උපකරණ යොදා ගැනීමට ද මෙවර සැලසුම් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් එහි පළමු තරගය සත්කාරක රුසියාව සහ සෞදි අරාබිය අතර මොස්කව්හිදී පැවැත් වේ.

එම තරගය අද මෙරට වේලාවෙන් රාත්‍රී 8.30 ට ආරම්භ වීමට නියමිත අතර ඊට පෙර විචිත්‍රවත් සමාරම්භක උත්සවයක් ද පැවැත්වීමට නියමිතයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News