Citizen.lk
 

කතරගම කිරිවෙහෙර විහාරාධිපති නා හිමිහියන්ට වෙඩි තබා පලා ගිය සැකකරුවෙකු පොලීසියට භාරවෙයි

කතරගම කිරිවෙහෙර විහාරාධිපති  නා හිමිහියන්ට වෙඩි තබා පලා ගිය සැකකරුවෙකු පොලීසියට භාරවෙයි | kataragama kiriwehera one shooter arrest
Wed 13 June 2018 7:16 pm
10,950 views

කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබොවක ධම්මින්ද හිමිපාණන් හා තවත් ස්වාමීන් වහන්සේ නමකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන ඇති බවට වාර්තාවේ.

මෙම පුද්ගලයා මහසෙන් දේවාලයේ කලක් සේවය කළ පුද්ගලයෙකු බවටද තොරතුරු වාර්තා වන අතර, ඔහුගෙන් ලබාගත් ප්‍රකාශ මත ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකෙරේ.

මීට අමතරව කිරිවෙහෙර අවට ස්ථාපිත කර තිබෙන ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමටත් පොලීසිය කටයුතු කර තිබේ. වෙඩි තැබූ බවට සඳහන් කෙරෙන ස්ථානයේ තිබී ජීව උණ්ඩ 02ක් හා හිස් පතරොම් කොපු 02ක්ද පොලීසිය සොයාගෙන ඇත. පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News