Citizen.lk
 

ආණ්ඩුවෙන් සමාජ මාධ්‍ය තහනම් කිරීමේ සැලැස්මක් - ඩලස්

ආණ්ඩුවෙන් සමාජ මාධ්‍ය තහනම් කිරීමේ සැලැස්මක් - ඩලස් | This Goverment will try to Ban Social Media
Wed 13 June 2018 2:42 pm
340 views

ආණ්ඩුව සමාජ මාධ්‍ය තහනම් කිරීමට නීති උපදෙස් ගනිමින් සිටින බවට තොරතුරු වාර්තාවී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

ප්‍රසිද්ධ මාධ්‍යවලට පනවා තිබෙන සීමාවන් හේතුවෙන් පළකළ නොහැකි වත්මන් ආණ්ඩුවේ දුර්වලකම් සමාජ මාධ්‍යවලින් හෙළිදරව් කිරීම නිසා ආණ්ඩුවට සමාජ මාධ්‍ය ගැටලුවක් වී තිබෙන බවද ඔහු මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මේ හේතුවෙන් ඉදිරියේදී සමාජ මාධ්‍යවලට සීමාවන් පැනවීම සඳහා ආණ්ඩුවේ සැලැස්මක් තිබෙන බවත්, මේ සම්බන්ධව නීතිමය තත්ත්වය විමසා තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියා.

පසුගියදා සාමජජාල ඔස්සේ ආණ්ඩුව විසින් කරන ලද ඇතැම් ක්‍රියාවන් සම්බන්ධයෙන් දිගින් දිගටම දෝෂාරෝපණ එල්ල වූ අතර ජනාධිපතිවරයා විසින් කරන ලද කතාවක් සම්බන්ධයෙන්ද බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ අප්‍රසාදය පළකර තිබුණා.

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News