Citizen.lk
 

වේල් කරත්තය අදින්න හමුදා සෙබළු වෙනුවට බැකෝ යන්ත්‍ර ගෙනැවිත් බැතිමතුන් නොසන්සුන් - Photo

වේල් කරත්තය අදින්න හමුදා සෙබළු වෙනුවට බැකෝ යන්ත්‍ර ගෙනැවිත් බැතිමතුන් නොසන්සුන් - Photo | jaffna kovovil case
Wed 13 June 2018 9:06 am
1,229 views

 

යාපනයේ මිරුසවිල් හින්දු කෝවිල ඇතුළු කෝවිල් කීපයක මෙවර වාර්ෂික මංගල්ල වලදී වේල් කරත්තය ඇදීම පිණිස බැකෝ යන්ත්‍ර භාවිතා කර තිබෙනවා.

එහෙත් වාර්ෂිකව ඔවුන් සිය කෝවිලේ වේල් කරත්තය අදිණු ලබන්නේ බැතිමතුන් හා හමුදා සෙබළුන් ගේ කර මතින්.

ඒ ඒ පළාත්වල සිටින යුද හමුදා සාමාජිකයෝ වේල් කරත්තය අදින දිනයට ඉතා භක්තියෙන් යුතුව කෝවිල් වෙත ගොස් හින්දු බැතිමතුන් සමග එක්ව වේල් කරත්තය අදින අතර, මෙවර මෙවර යුද හමුදා සාමාජිකයින්ට ආරාධනය නොකොට යාපනයේ මිරුසවිල් හින්දු කෝවිලේ බාරකරුවෝ බැකෝ යන්ත්‍රයක් රැගෙනවිත් ඒ ආධාරයෙන් කෝවිලේ වේල් කරත්තය ඇද දේව පූජාව පවත්වා තිබෙනවා.

වේල් කරත්තය ඇදීම සඳහා යුද හමුදා සාමාජිකයින් හවුල් වීම නිසා ඒ දේව කාර්යය ඉතාම පහසුවෙන් කරගැනීමට හැකියාව බුණු බවයි ප්‍රදේශයේ බැතිමතුන් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් නොසන්සුන් වූ පිරිස මෙලෙස කියා සිටියා

''ඇයි උඹලට අතින් කරෙන් ඔය වේල් කරත්තය අදින්න බැරිද? මෙච්චර කාලයක් කරගෙන ආව දේව කාර්යට මොකක්ද මේ කරණ නාඩගම.. මල විකාර... ''

එහෙත් කෝවිලේ බාරකරුවන් සඳහන් කළේ මෙවැන්නක්

''අපිට විතරක් මේක අදින්න අමාරුයි.... ඒකයි මේ ලේසියෙන් අදින්න මේ යන්තරේ ගෙනාවේ..ඒ යන්තරෙත් හොඳට හෝදලා.. සුවඳ දුම් අල්ලලා තමයි ගෙනැත් තියෙන්නේ .. ඒක නිසා අහිතක් හිතන්න එපා.. වේල් කරත්තය අදින්න බාරහාර වෙලා ඉන්න අය ලණුවෙන් අල්ලගෙන ඉන්න'' එච්චරයි.

බැතිමතුන් තවදුරටත් මෙලෙස සඳහන් කළා...

''මෙච්චර කාලයක් හමුදාව ආවනේ ඔය වැඩේට..ඉතින් ඇයි මේ සැරේ එහෙම නොකළේ....හමුදාව එන්නේ නැත්නම් කළින් කියන්න තිබුණා අපි ටිකක් වැඩිපුර සෙනග එකතු කර ගන්නවනේ...මෙහෙම දේවල් කරන්න එපා අපි විරුද්ධයි.''

කෝවිල් බාරකරුවන් මෙලෙස පිළිතුරු ලබා දුන්නා...

''හමුදාව මස් මාලු බිත්තර කාලා ව්‍යායාම කරලා ඒ අයට හොඳට හයිය තියනවා...ඒ වගේද ඔයාලා අපි...හැමදාම එලවලුයි බතුයි කාලා දේව පූජා කරන්නේ..ඉතින් අපේ අයට පණ නෑ..ඔයාලට මේක අදින්න පණ නැති නිසයි යන්ත්‍රයක් ගෙනාවේ..''

කෙසේ වෙතත් මේ දිනවල වාර්ෂික මංගල්ලයන් පැවැත්වෙන අනෙකුත් කෝවිල්ද වේල් කරත්තය ඇදීමට බැකෝ යන්ත්‍රම රැගෙන ඒමට පටන් ගෙනඇති බවයි තොරතුරු වාර්ථා වෙන්නේ.

Latest News

( 8 views)

You may also like

Latest Videos

Hot Video

homaagama gotabaya rajapaksa | ගොඩගම, එළිය සම්මන්ත්‍රණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා කල කාතාව - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News