Citizen.lk
 

වෙඩි වැදුනු දීගජන්තු බේරා ගැනීමට ගිය ඔරු දෙකක් පෙරළෙයි - පරිසර වේදීන්ගෙන් අමාත්‍ය වරයාට චොදනාවක් - Photos

වෙඩි වැදුනු දීගජන්තු බේරා ගැනීමට ගිය ඔරු දෙකක් පෙරළෙයි - පරිසර වේදීන්ගෙන් අමාත්‍ය වරයාට චොදනාවක් - Photos | diganthu 1
Wed 13 June 2018 8:19 am
466 views

 

අනුරාධපුර - කලාවැව වැව් රක්ෂිතයේ වාසය කරන දීගජන්තු 1 නැමති ඇතාට වෙඩි වැදී ඇති බව වනජීවී අඩවි ආරක්ෂක නිලධාරීන් පවසනවා.

පෙරේදා (11) දිනයේ කලාවැවේ ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු, වෙඩි වැදුණු ඇතෙකු සිටින බවට සිදුකළ දැනුම්දීමට අනුව මෙම ඇතා සොයාගත් බවයි එම නිලධාරීන් කියා සිටියේ.

පසුව ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් පැමිණ මෙම ඇතා පරීක්ෂා කිරීමේදී ඉදිරිපස වම් පාදයට වෙඩි වැදී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ (12) උදෑසන ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා එම ස්ථානයට යමින් තිබූ වනජීවි පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් රැගත් ඔරුවක් කලාවැව මත දී දැඩි රළ පහරට හසුව පෙරළී ගොස් තිබුණා.

පසුව එම ඔරුවේ සිටි පිරිස බේරා ගැනීමට ගිය තවත් ඔරුවක් ද පෙරළී ගොස් ඇති අතර, ඔරු දෙකේම සිටි පුද්ගලයින් බේරාගෙන ඇත්තේ ඔලොම්බෑව ප්‍රදේශයේ ධීවර කර්මාන්තයේ නිරත තරුණයන් පිරිසක් විසින්.

කෙසේ වෙතත්, වෙඩි වැදුණු මෙම ඇතාට ප්‍රතිකාර කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පරිසරවේදීන් දක්වන්නේ මෙවන් අදහසක්

"ගිය අවුරුද්දෙ කකුලට වැදුන බඳින තුවක්කුවක් නිසා කලා වැව අයිනෙම වැටිලා හිටපු දීඝදන්තු 2 ඇතාට ප්‍රතිකාර කරන විටදි අපි බොහොම පැහැදිලිව කිව්වා මේ සත්තුන්ට මොනිටරින් සිස්ටම් එකක් අවශ්‍යයි කියන එක.

මේ වෙද්දි දීඝදන්තු 1 ඇතා අසාධ්‍ය තත්වයේ පසුවෙනවා. සියළුම හස්ථින්ට නොවුනත් අවම තරමින් ආරක්ෂාව අවශ්‍යම දල ඇතුන්ට මේ නිරීක්ෂණ ක්‍රමවේදය අත්‍යවශ්‍යයි. මේ ගැන අවස්ථා ගනනාවකදි කිව්වට මේ වෙනකන් පියවරක් නොගෙන තිබීම ලංකාවෙ වනාන්තරවලට ආභරණයක් බඳු මෙවන් හස්ථීන්ගෙ අභාවයට හේතු වෙනවා.

රිලවුන්ට කෑම දෙන්න යන නියෝජ්‍ය ඇමති තුමාට මේවගේ ඉල්ලීම් තාම පෙනිලා නැද්ද එහෙම නැත්තන් පෙනිලා නොපෙනුනාසේ ඉන්නවද ? වසර ගනනාවක් දරුණු ත්‍රස්තවාදීන් එක්ක ගැටුනු ⁣, ත්‍රස්තවාදය පරාජය කරන්න අලුත් තාක්ෂණය භාවිතා කරපු හිටපු හමුදාපති කෙනෙක් වනජීවි බාර අමාත්‍ය අද වෙද්දි.

එහෙම කෙනෙකුට අලුත් තාක්ෂණය කියන එක ඔය හණමිටි දෙපාර්තමේන්තුවට හඳුන්වලා දෙන්න බැරි ඇයි?
උවමනාවක් නැද්ද ? අද වෙද්දි දෙකේ පන්තියේ ලමයෙක්ට ඩ්‍රෝන මෙහෙයවීමෙ හැකියාව තියෙනවා. ඇයි ⁣දෙපාර්තුමේන්තුවට මේ තාක්ෂණය අරන් මේ වටින සත්තු නිරීක්ෂණ ක්‍රමවේදයක් නිර්මාණය කරන්න බැරි ?
නොහැකියාවද , උවමනාවක් නැතිකමද එහෙම නැත්තන් සුපුරුදු ඒසී කාමර තියරියද?"

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News