Citizen.lk
 

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන් අන් අතර ප්‍රථම ඓතිහාසික හමුවීම - Live

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන් අන් අතර ප්‍රථම ඓතිහාසික හමුවීම - Live | President Donald Trump Meets Kim at IMPORTANT Summit in Singapore
Tue 12 June 2018 7:38 am
647 views

 

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර ඓතිහාසික සාකච්ඡාව ආරම්භ වී තිබෙනවා. ඇමරිකානු ජනාධිපතිවරයෙකු තනතුර හොඹවමින් සිටියදී උතුරු කොරියානු නායකයෙකු හමුවන ප්‍රථම අවස්ථාව ද මෙය වනවා.

ඔවුන් අතර පැවැත්වෙන සාකච්ඡාවල මූලික අරමුණ වනුයේ කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවියෙන් තොර කලාපයක් බවට පත් කිරීම මෙන්ම උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර සාම ගිවිසුමකට එළඹීමයි.

ඔවුන් මෙලෙස සමුළුවකට එක්ව සිටින්නේ උතුරු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර දැඩි උණසුම්කාරී වාතාවරණයක් පැන නැගීමෙන් අනතුරුවයි.

උතුරු කොරියාව ඇමරිකාවට එල්ල කළ හැකි මිසයිල අත්හදා බලද්දී, ජනපති ට්‍රම්ප් ඔවුන්ට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිත කරන බවට ද තර්ජනය කළා.

කෙසේ නමුත්, උතුරු කොරියානු සමුළුවෙන් සාමය උදෙසා ඒකායන පියවරක් තැබිය හැකි බව ජනපති ට්‍රම්ප් දැන් කියා සිටිනවා.

ඔවුන් අතර සමුළුවේදී ජනපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන්, ඔවුන්ගේ භාෂා පරිවර්තකයන් පමණක් එක් කර ගනිමින් විනාඩි 45ක පෞද්ගලික සාකච්ඡාවක ද නිරතවීමට නියමිතයි.

සමුළුව සඳහා සිංගප්පූරුව මෙතෙක් නොවූ විරූ ආරක්ෂක විධි විධාන යොදා ඇති බවයි එරට විදෙස් කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් කියා සිටියා.

ජනපති ට්‍රම්ප් සමුළුව නිමවා ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 5.30ට නැවතත් ඇමරිකාව බලා නික්මීමට නියමිතව තිබෙනවා.
පහතින් සජීවිව නරඹන්න

Latest News

You may also like

Latest Videos

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News