Citizen.lk
 

රාජ්‍ය අමාත්‍ය ධූර 2ක්, නියොජ්‍ය අමාත්‍ය ධූර 6ක් අද පෙරවරුවේ ජනපති ඉදිරියේ දිව්රුම් දෙයි - බුද්ධික පතිරණටත් වෙළඳ වාණිජ හා කර්මාන්ත නියොජ්‍ය ඇමති කමක් - update

රාජ්‍ය අමාත්‍ය ධූර 2ක්, නියොජ්‍ය අමාත්‍ය ධූර 6ක් අද පෙරවරුවේ ජනපති ඉදිරියේ දිව්රුම් දෙයි - බුද්ධික පතිරණටත් වෙළඳ වාණිජ හා කර්මාන්ත නියොජ්‍ය ඇමති කමක් - update | unp new deputy ministers
Tue 12 June 2018 6:20 am
1,568 views

 

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් හය දෙනෙකුට නියෝජ්‍ය අමාත්‍යධූර ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (12) දිනයේ පස් දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දීමට නියමිත අතර, තවත් රාජ්‍ය අමාත්‍ය ධූර 2ක් සඳහාද දිවුරුම් දීමට නියමිත බවයි ජනාධිපති ලේඛම් ප්‍රකාශ කළේ.
.

රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නලින් බණ්ඩාර මහතා ද,
කඳුරට උරුමය හා මහනුවර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන මහතා ද , මහනගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අජිත් මාන්නප්පෙරුම මහතා ද , සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස රංජිත් අලුවිහාරේ මහතා ද,
අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස එඩ්වඩ් ගුණසේකර මහතා ද දිව්රුම් දීමට නියමිතයි.

මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විදේශගතව සිටින බැවින් ඔහු පැමිණීමෙන් අනතුරුව වෙළඳ වාණිජ හා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවිරුම් දීමට නියමිත බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

 රාජ්‍ය අමාත්‍ය ධූර 2ක අතුරින් එක් රාජ්‍ය අමාත්‍ය ධූරයක් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට හිමිවන බවඳ එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

Latest News

You may also like

Latest Videos

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News