Citizen.lk
 

පළමු ටෙස්ට් තරඟයේ ජය කොදෙව්වන්ට

පළමු ටෙස්ට් තරඟයේ ජය කොදෙව්වන්ට | Sri Lanka Vs West Indies 1st Test
Mon 11 June 2018 8:40 am
512 views

පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 226ක ජයක් වාර්තා කරන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (10) සමත් වී තිබෙනවා. පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම කඩුලු 8 කට ලකුණු 414 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවුවා.

පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 185 ක් පමණයි. පසුව දෙවනි ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි කොදෙව්වන් කඩුලු 7 ක් දැවී ලකුණු 223 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා. ඒ අනුව තරගය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 453 ක ඉලක්කයක් හිමිවුනා.

කෙසේ නමුත් දෙවන ඉණිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 226 ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩකයන් සහ පසුපෙළ ක්‍රීඩකයින්ගේ දැඩි අසාර්ථකත්වයක් මෙම තරගය පුරා දකින්නට ලැබුණු අතර මෙම තරඟයේදී කුසල් මෙන්ඩිස් සිය 5 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 102 ක් ලබාගත්තා.

Latest News

You may also like

Latest Videos

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News