Citizen.lk
 

රවීටත් ඇමති ධූරයක් හිමිවන ලකුණු - එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරු දිවුරුම් දෙන්න සූදානමින්

රවීටත් ඇමති ධූරයක් හිමිවන ලකුණු - එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරු දිවුරුම් දෙන්න සූදානමින් | Ravi to be a Minister Again
Mon 11 June 2018 8:31 am
190 views

ආණ්ඩුව ළඟදීම තවත් අමාත්‍යවරයෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 06 දෙනෙකු පත් කිරීමට සූදානම් වන බවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා.

මහ බැංකු බැඳුම්කර සිද්ධියත් සමග ආන්දෝලනාත්මක චරිතයක් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායකටද අමාත්‍ය ධුරයක් හිමිවනු ඇතැයි පැවසෙන අතර ඉදිරි සතිය හෝ දෙක ඇතුළත අමාත්‍යවරයෙකු ලෙස ඔහු දිවුරුම් දෙනු ඇතැයි වැඩිදුරටත් දැනගන්නට ලැබෙනවා.

මුදල් අමාත්‍ය ධුරය දැරූ රවී කරුණානායක හට ලබාදෙනු ඇතැයි කියන අමාත්‍යංශය පිළිබඳ මෙතෙක් කිසිදු නිශ්චිත වාර්තාවක් පළ වී නැති අතර ඉකුත්දා රවී කරුණානායක මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වුණේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරුණු කොමිසන් සභා පරීක්ෂණයේ දී අනාවරණය වූ කරුණු පදනම් කරගෙනයි.

එමෙන්ම ඔහුට යළි අමාත්‍ය ධුරයක් ලබාදීමට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ද විරෝධයක් පළ වී නොමැති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. ඔහුට අමතරව තවත් නියෝජ්‍ය අමාත්‍යවරුන් 06 දෙනෙකු ද ළඟදීම පත් කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීන්ද සිටින බවයි වැඩිදුරටත් දැනගන්නට ලැබෙන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News