Citizen.lk
 

හදවතට දැනුන කර්නල් මහත්තයා වෙන්ව යන දුකට හිටපු කොටි සමාජිකයන් හඬා වැටෙයි - විශ්වමඩු සංවේදී කතාව - Photos

හදවතට දැනුන කර්නල් මහත්තයා  වෙන්ව යන දුකට හිටපු කොටි සමාජිකයන් හඬා වැටෙයි -  විශ්වමඩු සංවේදී කතාව - Photos | vishma madu sad story
Sun 10 June 2018 4:07 pm
5,950 views

ලෝකේ දරුණුතම ත්‍රස්තවාදය නිමා කර වසර 9 ගෙවී අවසන්ය. වසර ගණනකට පෙර පැවති යුද්ධයෙන් පීඩනයට ලක්ව මරබියෙන් ජීවත් වූ දෙමළ ජනතාව බේරා ගැනීමට ශ්‍රි ලංකා ත්‍රිවිධ හමුදාව මානූෂීය මේහෙයුමේදී කැපකිරීම් රැසක් සිදු කළේය.

අප රණවිරුවන් සැම විටම සිවිල් ජීවිත බේරා ගැනීමට ජීවිත පුද කර කැප වුනේ. උතුම් හදවතක් ඇති නිසාවෙනි. එවැනි හදවත් ඇති උතුම් රණවිරුවෙකු ගැන සංවේදී පුවතක් විශ්වමඩු වලින් වාර්තා වෙයි.

විශ්වමඩු හමුදා කඳවුරෙහි හිටපු කොටි ත්‍රස්ත්‍රවාදීන් පුනරුත්ථාපනය කර ඔවුන්ව රැක බලා ගත් අපූරු කර්නල් වරයෙකු විය. ඔහු නමින් කර්නල් රත්නප්‍රිය බන්දුය. විශ්වමඩු හමුදා කඳවුරේ වසර 5 ක් කාලයක සේවය නිරත වූ මෙම රණවිරුවා හිටපු කොටි ත්‍රස්ත්‍රවාදීන් ගේ සිත් දිනා ගෙන ඔවුන්ව රැකබලා ගත් අපූරු රණවිරුවෙකි. කඳවුරේ සියල්ල පුනරුත්ථාපනය කර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවා ගෙන සමාජගත කිරීමේ වැඩපිළිවෙළක්ද මොහු විසින් ක්‍රියාත්මක කර තිබුණි.

වෛරයෙන් ඇවිලුණ ජීවිත යළි ආලෝකමත් කරන්න වෙර දුන් මෙම රණවිරුවා විශ්වමඩු කඳවුරෙන් අඹේපුස්ස කඳවුරට මාරූ වී යන දිනය අදය . ජීවිතය යළි ගොඩනගන්න සවිය දෙමින් වසර ගණනක් රැක බලා ගත් කර්නල් රත්නප්‍රිය බන්දු සමුගන්නා මොහොත කඳවුරේ පුනුරුත්ථාපනව වූ සමාජිකයන්ට හා ගම්වාසීන්ට දාරා ගැනීමට නොහැකි දෙයක් විය. ඔවුන් ඔහු ලඟ හඩා වැටෙන්නට විය. මේ එම සංවේදී අවස්ථාවේ සටහන් වූ රූප රාමු කිහිපයකි..........

 

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News