Citizen.lk
 

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උපසභාපතිට වෙඩි තබා පලා ගිය අපරාධකරුවන්ට මීටර් 600 ක් යන්න කලින් සිදු වුන දේ

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උපසභාපතිට වෙඩි තබා පලා ගිය අපරාධකරුවන්ට මීටර්  600 ක් යන්න කලින් සිදු වුන දේ | Karandeniya-PS-s-Dy-Chairman-shooters
Sun 10 June 2018 11:43 am
1,194 views

පසුගිය 08දා සිකුරාදායි.රාත‍්‍රී 9.30ට පමණ මගුල් ගෙදරකට සහභාගිවී ආපසු යමින් සිටි කරන්දෙණිය ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති රංජිත් ඩොනල්ඩ් රණවීර නොහොත් ඩොනල්ඩ් සම්පත් මහතාට ඌරගස්මංහන්දිය කොරකීන ප‍්‍රදේශයේදී තුවක්කුකරුවන් විසින් වෙඩිතබා ඝාතනය කර ඇති බවටයි ආරංචිය පැතිර ගියේ.

අම්බලන්ගොඩ මාර්ගයේ ගමන් කරමින් තිබූ උප සභාපතිවරයාගේ කැබ් රථය කොරකීන කොන්ක‍්‍රීට් වැඩපල අසලදී යතුරු පැදියක් හරස් කොට නවතා මෙම වෙඩි තැබීම කරන්නට ඇතැයි පොලිසිය කියයි. වෙඩි තැබීමෙන් පසු තුවක්කුකරු අම්බලන්ගොඩ දෙසට යතුරු පැදියේ නැගී පලාගොස් ඇති අතර තුවාල ලබා සිටි උප සභාපති වරයා රැගෙනන ඔහුගේ රියැදුරු බොරකන්ද රෝහලට යාමට වේගයෙන් වාහනය ධාවනය කර ඇත.

වෙඩි තැබූ ස්ථානයට මීටර් 600ක් පමණ දුරින් වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයාගේ යතුරුපැදිය උප සභාපතිවරයාගේ කැබ් රථයේ ගැටී ඇති අතර පාර හරහා යතුරුපැදිය වැටී තිබූ බවත් ප‍්‍රදේශවාසීන් විසින් යතුරු පැදිකරු ත‍්‍රීවීල් රථයක නංවා බොරකන්ද රෝහල වෙත ගෙනගොස් ඇතැයි පොලීසිය කියයි. වෙඩි තබන්නට ඇතැයි සැකකරන පුද්ගලයාගේ යතුරු පැදිය සභාපතිවරයාගේ කැබ් රථයේ ඉබේ ගැටුනාද නැත්නම් හැප්පුවාද යන්න පිළිබඳව පොලිස් පරික්ෂණ පැවැත්වෙන බව පොලීසිය පවසයි.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා සිටි උප සභාපතිවරයා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. කැබ් රථයේ රියැදුරුද සුලූ තුවාල ලබා රෝහල්ගතව ඇත.

වෙඩිතැබූ ස්ථානයට ආසන්නයේ තිබී ටී 56 වර්ගයේ ගිනි අවියකට භාවිතා කරන මැගසින් එකක් පොලීසිය විසින් සොයාගෙන ඇත. පසුව කළ සෝදිසි කිරීම් වලදී යතුරු පැදියෙන් යමින් සිටියදී අනතුරට ලක්ව සිටි පුද්ගලයාගේ කරේ එල්ලා සිටි බව කියන බෑගයේ තිබී ටී 56 මැගසින් එකක්, ටී 56 ජීව උණ්ඩ 30 ක්, වෙස් මුහුණක්, අත් ආවරණ (හෑන්ඩ් ග්ලවුස්) යුවළක් හා ජංගම දුරකථනයක් සොයාගත් බව පොලීසිය කියයි.

ඝාතකයින් මෙකි ඝාතනයෙන් පසු අනතුරකට ලක්ව ඇති අතර මොවුන් ඇල්පිටිය හා ඌරගහ යන රෝහල්වලට පැමිණ පසුව රෝහල්ගත නොවී පිටවගොස් ඇති බවද පොලිසිය පවසයි. එම අවස්ථාවන් CCTV කැමරාවල සටහන්ව ඇති බවද පොලිසිය කියයි.

වෙඩි තැබීමට සම්බන්ධ බවට සැකකෙරෙන තුවාල ලබා රෝහල් ගතව සිටි ඌරගස්මංහන්දිය පහළවෙල පදිංචි විසිදෙහැවිරිදි තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි. සැකකරු මාගල දකුණ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

මාතර ගවරාගේ පුතා නමින් ද මොහු හදුන්වන ලබන බව පොලිසිය පවසයි. වෙඩ් තබා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටිය දී යතුරු පැදිය අනතුරට පත්වු නිසා මොහු තුවාල ලබා තිබිණි. ඉන් පසුව රිය අනුතරක් සිදුවු බව කියිමන් ඌරගස්මන්හන්දිය රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ගනිමින් සිටිය දී 09 දින උදේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබිනි.

ඝාතනය සිදුකර පලා ගිය යතුරු පැදිය පදවා ඇත්තේ මොහු බවයි පොලිසිය ට කරුණු අනාවරණය වී ඇත්තේ. අනෙක් සැකකරු අත්අඩංගුවට ගන්නට පියවර ගෙන ඇති අතර ඒ සඳහා පොලිස් කණ්ඩායම් 04ක් යොදවා ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News